කෑගල්ලේ පැන ගිය සිරකරුවන් කොටුකර ගැනීමට මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

කෑගල්ලේ පැන ගිය සිරකරුවන් කොටුකර ගැනීමට මෙහෙයුමක්

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් පළා ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ කෑගල්ල පොලීසිය සමග එක්ව එම මෙහෙයුම ආරම්භ කර ඇති බව ය.

මේ අතර රැඳවියන් 5 දෙනෙකු පළා යාම සම්බන්ධයෙන් ඔවුන් භාරව සිටි බන්ධානාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
එම රැඳවියන් පලා යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විම සඳහා අඹේපුස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර කොමසාරිස්වරයා කෑගල්ල බන්ධනාගාරයට යාවා ඇති බව ද උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය.

සැකකරුවන් තිදෙනෙකු සහ සිරකරුවෙකු ඊයේ (24) පස්වරුවේ පළා ගොස් තිබිණ. එහිදී තවත් සැකකරුවෙකු පළා යාමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී ම ඔහු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad