කරූගේ නිවස බේරන්නට කොළඹ-නුවර අධිවේගය වෙනස් කරලා..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

කරූගේ නිවස බේරන්නට කොළඹ-නුවර අධිවේගය වෙනස් කරලා..?

කථානායක කරැ ජයසුරිය මහතාගේ ඉඩම බේරා ගැනීම සදහා කොළම නුවර අධිවේගී මාර්ගයේ මූලක සැලැසුම් වෙනස් කර ඇති බව එම ප‍්‍රදේශවාසීහු කියති.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සමග පැවති සාකච්චාවනදී මේ බව කියා සිටියේ කොළඹ අධිවේගී මාර්ගය නිසා පීඩාවට පත්වී සිටින ගම්පහ ප‍්‍රදේශවාසීන් පිරිසකි.

කතානායක කරූ ජයසූරියගේ නිවෙස හා ඉඩම ආරක්ෂා කරන්නට මෙම අධිවේගී මාර්ගයේ පෙර තිබූ සැලසුම වෙනස් කොට නව සැලැසුමක් සාදා ඇතැයිද කියූ ඔවුන් නව සැලැසුම් හේතුවෙන් තම නිවාස, ඉඩම් හා ගොවිබිම්ද අවදානමට ලක්ව ඇතැයිද කියා සිටියහ.

එක නිවෙසක් වෙනුවෙන් නිවාස රැසක් බිලි දෙන බවටද චෝදනා කරන ඔවුන් කලින් තුබූ සැලසුම නිසා හානි සිදුවන්නේ අවම ලෙස යයිද කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad