ඇඹිලිපිටිය තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

ඇඹිලිපිටිය තරුණයාගේ මරණයට හේතුව හෙළිවෙයි

ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණයට හේතුව අද (19) ඇඹිලිපිටිය අධිකරණයේදී අනාවරණය විය. 

අත්වල ඉහළ බාහුවල ප්‍රධාන ධමනි හා ශිරා කැපී බරපතල තුවාල සිදුවීමත් අභ්‍යන්තර ඉන්ද්‍රීයන්හි කැපුම් තුවාලත් අධික රුධිර වහනය හා කම්පනයත් මරණයට හේතුව වී ඇති බව රත්නපුර රෝහල් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී.ගුණතිලක මහතා ප්‍රකාශ කර තිබේ. 

ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද පොලිසියට නියෝග කර ඇති බව වාර්තා වේ.

පසුගිය ජනවාරි මස 04 වැනිදා ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති උත්සව අවස්ථාවකදී ඇතිවූ ගැටුමකට පොලිසිය මැදිහත්වීමේදී එහි ඉහළ මහළින් වැටී සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතා මියගිය අතර ඔහු ඉහළ මහළින් බිමට තල්ලු කළේ ඇඹිලිපිටිය ඒ.එස්.පී ලෙස කටයුතු කළ ධර්මරත්න මහතා බව මියගිය තැනැත්තාගේ බිරිඳ උසාවියේ සාක්ෂි දෙමින් පැවසුවාය.

ඒ අනුව මේ වනවිට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.සී.ධර්මරත්න මහතා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad