ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නවත්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නවත්වයි

අද (20) පස්වරු 01.00 සිට හෙට උදෑසන 05.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

හංවැල්ල, කලුඅග්ගල, මීපේ, පාදුක්ක, ගොඩගම, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපාන අතර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ කලටුවාව ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්  පැය 16 ක කාලයක් තුළ මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි.

එමෙන්ම එම කාලය තුළ මහරගම, බොරලැස්ගමුව, කොළඹ 08, කොළඹ 09 සහ කොළඹ 10 යන ප්‍රදේශයන් වෙත අඩු පීඩනය යටතේ ජලය සැපයෙන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad