මල්වතුහිරිපිටිය හේනේගම ජාතික පාසලේ පිහි ඇනුමක් සිදුව තිබෙනවා. 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් එම විදුහලේ 12 වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනකුට පිහියකින් ඇනීම හේතුවෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් සිසුවෙකු රදාවාන රෝහලට ඇතුළත් කර ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය සඳහන් කළා.
ඊයේ (23 ) දහවල් පාසල ආසන්නයේ ලේ ගලන තුවාල සහිතව වැටී සිටි මෙම සිසුන්ව දැක ඇත්තේ එම පාසලේ ගුරු භවතුන් දෙදෙනකු විසින් බවයි වාර්තා වන්නේ. ඔවුන් එම සිසුන් සිව්දෙනාව රෝහල් ගතකර තිබෙනවා.
පුද්ගලික ආරවුලක් එම පිහි ප්‍රහාරයට හේතුවී ඇතැයි පොලිසිය සඳහන් කළා. සැකකාර සිසුවා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
Wednesday, February 24, 2016
පාසලේ පිහි ඇනුමක් - සිසුන් හතරක් මහමග
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment