රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට - චක්‍රලේඛය අද එයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට - චක්‍රලේඛය අද එයි 

රාජ්‍ය සේවකයින්ගේ දීමනා මූලික වැටුපට එකතු කිරීමේ චක්‍රලේඛය අද (25) නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

වසර 5ක කාලයක් තුළ සියලු දීමනා මූලික වැටුපට එකතු කරන බවත් පළමු අදියරේදී රුපියල් 2500ක මුදලක් මූලික වැටුපට එකතු කෙරෙනු ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙන බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය.
රාජ්‍ය සේවකයන් දැනට හිමිකම් ලබන මූලික වැටුපට අමතරව ලබාදී ඇති විශේෂ දීමනා හා ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි ලබා දෙන ලද රුපියල් 10,000/- ක් වූ මාසික අන්තර් දීමනාවද අදියර වශයෙන් එකතු කරමින් රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රතිශෝධනය කිරීමට 2016 අයවැය මඟින් යෝජනා කරන ලදී. 

ඒ අනුව, ජාතික වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි හා මුදල් අමාත්‍යාංශයේ එකඟතාව ඇතිව සකස් කරනු ලැබ ඇති නව වැටුප් ව්‍යුහය 2016‑01‑01 දින සිට බලපැවැත්වෙන ක්‍රියාවට නැංවීමටත් ඒ අනුව අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ‍ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad