ජවිපෙ හැර ගිය පිරිසට විවෘත ඇරයුමක් (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

ජවිපෙ හැර ගිය පිරිසට විවෘත ඇරයුමක් (වීඩියෝ)

පක්ෂ හැර ගිය පිරිසට යළි පක්ෂය හා එක්වීමට අවස්ථාව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ බණ්ඩාරවෙල පැවති රැස්වීමකදී පැවසිය.

එහෙත් නිශ්චිත හේතූන් මත පක්ෂයෙන් ඉවත කළ අයට එලෙස යළි පක්ෂය හා එක් වීමට අවස්ථාවක් හිමි නොවන බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසී ය.

''පක්ෂයෙන් ඉවත් කරපු අය ඉන්නවා පක්ෂයෙන් ගියපු අය ඉන්නවා. වර්ග දෙකක් ඉන්නවනේ. එතකොට මේ පක්ෂයේ ඕනෑම වෙලාවක, සමහර ඉවත් කරපු අය සම්බන්ධ කරගන්න බෑ. නිශ්චිත හේතුමත ඉවත් කරපු අය.ගියපු අය ඉන්නවා ගියපු අයට එන්න විවෘතයි. ඒක කිසිදු විවාදයක් නෑ.

දැනුවත්ව කුමන්ත්‍රණය කරමින් පක්ෂය බෙදන්න, පක්ෂය කඩන්න, පක්ෂයේ කණ්ඩායම් හදන්න කටයුතු කරපු පිරිස් ඉන්නවා. ඒක ඉතා කුඩා පිරිසක් ඒ දැනුවත්ව පක්ෂය ඇතුලේ කුමන්ත්‍රණය කරපු කිසි කෙනෙක්ට පක්ෂය ඇතුළේ ඉඩක් නෑ.''


No comments:

Post a Comment

Post Bottom Ad