යෝෂිතගේ සිරකුටිය වටා 'ජෑමර්' යන්ත්‍ර සවිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

යෝෂිතගේ සිරකුටිය වටා 'ජෑමර්' යන්ත්‍ර සවිකරයි

CSN නාලිකාව හරහා සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිවුදෙනා රඳවා ඇති සිර කුටිය අවට ජංගම දුරකතන භාවිතය වැලැක්වීම පිණිස යොදාගන්නා "ජෑමර්" යන්ත්‍ර (Mobile Phone Jammer) සවිකිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සමග මේ වන විටත් සාකච්ඡා කර ඇති බව යි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

යෝෂිත රාජපක්ෂ මහතා රඳවා සිටින කුටියට යාබදින් ජංගම දුරකතනයක් හමුවීමත්, එය ඔහු විසින් පරිහරණය කර ඇති බවට සැක මතුවීමත් "ජෑමර්" යන්ත්‍ර සවිකිරීමට හේතු වන්නට ඇති බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කරයි.

හමු වූ එම ජංගම දුරකතනය පරීක්ෂා කිරීම සඳහා මේ වන විට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත භාර දී ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad