සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට සිදු කිරීමට නියමිතව ඇත්තේ හදිසි හෝ බරපතල ශල්‍යකර්මයක් නොවන බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කරයි.ඇමතිවරයාගේ රුධිර නාල දෙකක ඇත්තේ සානාන්‍ය අවහිරතාවක් මිස සම්පූර්ණයෙන්ම අවහිර වීමක් නොවන බවත් දැක්වෙන එම නිවේදනය වෛද්‍ය උපදේශය වී ඇත්තේ කල් තබා හඳුනා ගැනීම නිසා ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් අනවශ්‍ය අවදානමෙන් මිදිය හැකි බවයි.
මේ තත්වය මත ශල්‍යකර්මය සිදු කිරීමට තීරණය කරන ලද බවද එම නිවේදනයේ දැක්වෙයි.

No comments:
Post a Comment