ලංකාවෙ වෙළඳ දැන්වීම් වල ස්වර්ණමය යුගයක් තමයි 90 දශකය කියන්නෙ. දැන් වගේ විදෙස් දැන්වීම් බහුලව නැතිව දේශීයව නිර්මාණය කෙරුණු රසවත්, හරවත් ඒ කාලෙ දැන්වීම් බොහොමයක් අදටත් අපේ මතකෙ රැඳිල තියෙන්නේ ඒ නිසයි.
ඒ කාලෙ කෝපිකඩේ නාට්‍යය නරඹන අතරතුර විනාඩි පහළවක් විතර ලංකාවෙ ජනප්‍රියම දැන්වීම් රස විඳින්න නොමිලේම ප්‍රේක්ෂක අපට අවස්ථාව ලැබුණ. රොබින් හුඩ් වගේ හඬ කැවූ නාට්‍ය සහ ක්‍රිකට් තරඟ වල මතකයන් සමඟ නිතර නිතර විකාශය වෙච්ච මේ වෙළඳ දැන්වීම් බැඳිල තියනවා. කුඩා කල ඒ මතකයන් අදටත් ගෙන දෙන්නෙ අපූරු සුන්දරත්වයක්.
මේ ඒ කාල වකවානුවේ ජනප්‍රිය උන වෙළඳ දැන්වීම් කිහිපයක්:
1. නින්ජා මදුරු දඟර
සනත් විමලසිරි, කාන්චනා මෙන්ඩිස් සහ නිමන්ති පෝරගේ කියන නලු නිලියන් ලංකාවෙ කවුරුත් හඳුනන ජනප්‍රිය තාරකාවන් වෙන්න කාලෙකට කලින් ඒ අය රඟපාපු මේ දැන්වීම ඒ කාලෙ ගොඩක් ජනප්‍රිය උනා. ඔයාට ඕනෙ පැය කීයක් පත්තු වෙන එකක්ද කියන වදන් පෙළ ඒ කාලෙ විහිලු ස්වරූපයෙන් ගොඩක් අය පාවිච්චි කරපු වචනයක් බවට පත් උනා.
2. නින්ජා මදුරු දඟර- බෝඩිම 2
පළමුවෙනි වෙළද දැන්වීමෙන් ලැබුණු ජනප්‍රියත්වයත් සමග ඒ එක්කම වගේ නිකුත් උනා නින්ජා මදුරු දඟර දෙවැනි දැන්වීම. බෝඩිමේ ඉන්න ත්‍යාගශීලී තරුණයා සහ තරුණියන් දෙන්නා අතර පසුදා උදේ සිදුවන සංවාදයක් හැටියට තමයි මේ වෙළඳ දැන්වීම දිග හැරුණෙ. හිතගිය කෙල්ලෙක් ළඟින් යද්දි මේ ඇඩ් එකේ එන වාක්‍යයක් වන “අපිව බලාගන්න කවුරුත් නෑනෙ” කියන එක කියන්න පිරිමි ළමයි බොහොමයක් පුරුදු වෙලා හිටිය ඒ කාලෙ.
3. Seylan Bank-Western Union Ad- London වල ඇල්බට් අංකල්
ලංකාවෙ එතෙක් මෙතෙක් ජනප්‍රියම දැන්වීම් මොනවද කියල හිතුවොත් ඉහලින්ම තියන දැන්වීමක්. කඩි මුඩියෙ දඩි බිඩියෙ වෙන කළබගෑනි ගොඩක් එක්ක මෙහි එන සේවාව හොඳින්ම ජනතාව අතර ජනප්‍රිය කරන්න සමත්වෙච්ච නිර්මාණයක්.
4. කිඹුලා උදැල්ල
කපන්න කපන්න මුවහත් වෙන සියාතු අයියගේ කිඹුලා උදැල්ල 90 දශකයේ මුල් භාගයේ ඉතාම ජනප්‍රිය දැන්වීමක් උනා. මතක විදිහට එකළ ජනප්‍රියම නාටකය වෙලා තිබ්බ කෝපි කඩේ අතරතුර නිතර විකාශණය කෙරුණ දැන්වීමක් මේක.
5. Kandos Man
ඒ කාලෙ Kandos චොකලට් දැන්වීම් හැම එකක්ම වගේ ඉතාම රසවත් විදිහට නිර්මාණය කෙරුණු දැන්වීම්. Kandos මාමා චරිතයත් ඒ කාලෙ පොඩිත්තො අතර හරිම ජනප්‍රිය උනා. අඳුනන්න පුලුවන්ද මේ Kandos මාමා කවුද කියල? අපි කවුරුත් දන්න හර්ෂ බුලත්සිංහල තමයි Kandos මාමා.
6. Kandos Crispy
“සැමදා.. සැමවිට.. එය රස අහුරක් ක්‍රිස්පි”
හරිම සිතට කාවදින සංගීතයක් සහ ගීතයක් ඇතුළත් උන තවත් Kandos දැන්වීමක්. මේ ඇඩ් එක බැලුවට පස්සෙ එහි එන ගීත කොටස ඉබේ හිතෙන් මිමිනෙන එක වළක්වන්න බැරි දෙයක්.
7. Eveready බැටරි
90 ගණන්වල නිතරම විකාශය උන බෙහෙවින් ජනප්‍රිය සහ නිර්මාණාත්මක බවින් හෙබි දැන්වීමක්. කාලාන්තරයකට පස්සේ මේ “කාලාන්තරයක් බලන් ඉන්න වෙන” දැන්වීම ඔබේ මතකය අලුත් කලාද කියල බලන්න.
8. ගිරිදුර්ග සංසාරේ- ජාතික රක්ෂණ සංස්ථාව
1996 කාල වකවානුවේ තමයි මේ දැන්වීම ප්‍රදර්ශනය කෙරුණේ. හිත සසල කරවන සංගීතයක් සහ ගායනයකින් යුක්ත මෙම දැන්වීම ඔබටත් මතකදැයි කියා බලන්න.
9. Kist Tomato Sauce
“කිස්ටෝ..මාටෝ..සෝස්
මොකක්ද මේ ගැන හිතන්නෙ?”
ඔන්න ඔය විදිහට පටන් ගන්නෙ ඒ කාලෙ පොඩිත්තන්ව කූල්මත් කල රසවත්ම දැන්වීමක්. කිස්ට් සෝස් ජනප්‍රියම වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්න මේ දැන්වීම ඉවහල් උනා කිවුවොත් නිවැරදියි.
10. Multibond Commercial – අලෙව්වොත් අලෙව්වම තමයි
90 දශකයේ අගභාගයේ දකින්න ලැබුණු හාස්‍යමය දැන්වීමක් තමයි මේ මල්ටිබොන්ඩ් දැන්වීම. දයා අල්විස් සහ රොඩ්නි වර්ණකුල රංගනයෙන් දායක වෙලා තිබෙනවා මේ දැන්වීමට.
11. Dulux Once
අනූ ගණන් වල ළමා කාලයක් ගතකලා නම් ඔයාලටත් ඩියුලක්ස් බල්ලව මතක ඇති. මේ දැන්වීමේ දකින්න ලැබෙන Sheepdog වර්ගයේ සුනඛයෙක් දැක්කහම අදටත් බොහෝ දෙනෙක් හඳුන්වන්නෙ ඩියුලක්ස් ඩෝග් නමින්. ලංකාවෙ නිර්මාණය උන දැන්වීමක් නොවුනට ලංකාවෙ ඉතාම ජනප්‍රිය උන දැන්වීමක්.
12. Astra Margarine
මුල් කාලයේ ඇස්ට්‍රා මාගරින් දැන්වීමක්. බලන්න මේ දැන්වීමේ අන්තිමට දකින්න ලැබෙන ඇස්ට්‍රා පෙට්ටිය ඔයාලටත් මතකද කියල.
Tuesday, February 23, 2016
90 දශකයේ ජනප්‍රිය වූ වෙළඳ දැන්වීම් 12ක්. මතකද ?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment