මහින්දගේ ආරක්ෂකයන් තිදෙනෙකුගේ කළු සල්ලි සොයා බැංකු 79කින් තොරතුරු ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

මහින්දගේ ආරක්ෂකයන් තිදෙනෙකුගේ කළු සල්ලි සොයා බැංකු 79කින් තොරතුරු ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිළධාරීන් තිදෙනෙකු විසින් එක්රැස් කරන ලදැයි කියන මූල්‍ය හා දේපල පිළිබඳ තොරතුරු රහස් පොලීසියට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා මෙරට බැංකු හා මුල්‍ය ආයතන 79 ක කළමණාකරුවන්ට අද(10) නියෝග කළේය.

ඔවුන්ගේ හා ඥාතීන්ගේ නම් වලින් බැංකුවල සහ මුල්‍ය ආයතන වල ඇති වත්කම්වල තොරතුරු අවශ්‍ය වී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ඒ අනුව මෙරට ඇති වානිඡ්‍ය බැංකු 32ක සහ මුල්‍ය ආයතන 47ක කළමණාකරුවන්ට අදාල සැකකරුවන්ගේ ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස නියම කළේය.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් රහස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මුල්‍ය විමර්ශන අංශය මෙම සිද්ධිය පිළිබදව පරික්ෂණ ආරම්භ කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිළධාරීන් ලෙස කටයුතු කළ වන්නිආරච්චි නෙවිල්, තිස්ස විමලසේන හා දමිත් ගෝමිස් රණසිංහ පිළිබඳ මෙලෙස පරිකෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad