ස්මාර්ට් දුරකතනයක් මිලදී ගැනීමත් අද බොහෝ දෙනාගේ සිහින අතරින් එකක්. මේ අතර ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට නිකුත් කිරීමට ඉන්දීය සමාගමක් සූදානම් වනවා.
ෆ්‍රීඩම් 251 (Freedom 251 ) යනුවෙන් නම් කොට ඇති එම ජංගම දුරකතනය ඉන්දීය රුපියල් 251 ක (ශ්‍රී ලංකා රුපියල් 500ක් පමණ) මිලකට අලවි වනු ඇති බවයි රිගින්ග් බෙල්ස් (Ringing Bells) සමාගම පවසන්නේ.
ගිගාබයිට් 08 ක (8GB) දත්ත ගබඩාවක් සහිත දුරකතනයේ පසු පස සහ ඉදිරිපස කැමරා දෙකකින් සමන්විත බවයි වාර්තා වන්නේ. ලොව දෙවන විශාලතම ජංගම දුරකතන වෙළඳපොළ ඉන්දියාව වන අතර එහි ජංගම දුරකතන ග්‍රාහකයන් සංඛ්‍යාව කෝටි සියයක් පමණ වනවා.
ෆ්‍රීඩම් 251 දුරකතනයේ දෘඩාංග වෙනත් රටවලින් ආනයනය කෙරෙන අතර එකලස් කිරීම පමණක් ඉන්දියාවේ සිදු කෙරෙනවා.




No comments:
Post a Comment