පෙබරවාරි 01 දා සිට ජංගම දුරකතන ගාස්තු වෙනස්වන හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

පෙබරවාරි 01 දා සිට ජංගම දුරකතන ගාස්තු වෙනස්වන හැටි

ශ්‍රී ලංකාවේ සියලු දුරකතන සේවා සපයන්නන් විසින් සිදු කළ ඉල්ලීම් සලකා බලමින් 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 5(k) වගන්තියට සංශෝධනයක් එකතු කරමින් විනාඩියකට හා තත්පරයකට අය කරන ඇමතුම් ගාස්තු සම්බන්ධයෙක් පොදු ඇමතුම් ගාස්තුවක් එළැඹෙන පෙබරවාරි 01 වැනි දා සිට අලුතෙන් නිකුත් කෙරෙන දුරකතන සම්බන්ධතාවල දී ලබාදෙනු ඇත.
 

එහි දී එකම දුරකතන ජාලය තුළ මෙන්ම අදාළ දුරකතන ජාලයෙන් පිටත දී ද එකම අගයක් අයවනු ඇති අතර දේශීය ඇමතුම් සඳහා විනාඩියකට ගණන් බැලීමේ දී විනාඩියකට රුපියල් 01.50 ක් ද දේශීය ඇමතුම් සඳහා තත්පරයට ගණන් බැලීමේ දී විනාඩියකට රුපියල් 01.80 ක් ද MMS හා SMS සඳහා ශත 20 බැගින් ද ගාස්තු සංශෝධනයවනු ඇති බව ද වාර්තා වනවා.
 

ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම නව ඇමතුම් ගාස්තු නවක පාරිභෝගිකයන් සඳහා 2016 පෙබරවාරි 01වනදා සිට අය කරන ලෙස මේ වනවිටත් සියලුම දුරකතන සේවා සපයන්නන් දැනුම්වත් කර ඇත.

මේ අතර අදාළ ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් තවදුරත් සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇතිබවත් එහි දී මෙකී සංශෝධන සඳහා යම් වෙනසක් කිරීමට අවශ්‍ය නම් එය සලකා බැලීමත් එසේ අවශ්‍ය නොවේ නම් මෙම පොදු ඇමතුම් ගාස්තු මේ ආකාරයෙන්ම ක්‍රියාත්මකවීමත් සිදුවනු ඇති බවත් “ලංකා පුවත්“ වාර්තා කරනවා.




No comments:

Post a Comment

Post Bottom Ad