ෆොනිට 25 දා සංවර්ධන අමාත්‍ය ධුරයක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 24, 2016

ෆොනිට 25 දා සංවර්ධන අමාත්‍ය ධුරයක් !

මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිව්රුම් දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා අනිද්දාට (25) යෙදෙන සුභ මොහොතින් අමාත්‍යවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ෆොන්සේකා මහතා මෙසේ දිව්රුම් දෙනු ලබන්නේ ඌව, මධ්‍යම, උතුරු මැද හා සබරගමුව මහානගර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් බව ද එම ආරංචිමාර්ග පවසයි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දෛව අංක පිළිබඳව දැඩි ලෙස විශ්වාස කරන්නෙකු වන අතර අංක 09 ඔහුගේ සුභ අංකය ලෙස සලකයි.

අංක එකතුව 09 :

ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් සෑම එකක්ම පාහේ දෛව අංකය වන 09 ට යෙදී ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු ලෙස දිව්රුම් දීම සඳහා ඔහු යොදාගත්තේ පෙබරවාරි 09 වන දිනයි.

ඔහුගේ උපන් දිනය 18 දා වන අතර, එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහි යුධ ජයග්‍රහණය අත්කර ගත්තේද 18 (මැයි) දාය. ඔහු බන්ධනාගාරගත කල අවස්ථාවේ ඔහු ට හිමිවුයේ අංක 09යි.

එමෙන්ම 25/02/2016 දිනයේ සම්පූර්ණ එකතුව අංක 09 බැවින් එම දිනය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා යොදා ගැණෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad