නවසීලන්තයේ විවාහ මංගල උත්සවයක සිදු වූ නර්තනයක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැඩි ප‍්‍රසිද්ධියක් අත්කර ගෙන තිබෙනවා. එහිදී මනාල යුවළගේ මිතුරන් පිරිසක් නවසීලන්ත සාම්ප‍්‍රදායික හකා නර්තනයක යෙදී ඇත්තේ රැස්ව සිටි පිරිසගේ දෑස් කඳුලින් තෙත් කරමින්.
නවසීලන්ත රග්බි කණ්ඩායමද තරගයකට පෙර ඉදිරිපත් කරන මෙම හකා නර්තනය 18 වැනි සියවසේ එරට ජීවත් වූ ගෝති‍්‍රක කණ්ඩායමක් සිදු කළ බවටයි විශ්වාස කෙරෙන්නේ. හකා නර්තනයේ මුල් හිිමිකරුවන් මෞර ජන කොට්ඨාසයට අයත්. මෙම විවාහ උත්සවයේ මනාලයාද මෞර ජන කොට්ඨාසයෙන් පැවත එන්නෙක්.
එහිදී සිදු කෙරුණු මෙම හකා නර්තනයට පසුව මනමාලියද කඳුළු සලමින් එක්වීම මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ජනපි‍්‍රයව පවතිනවා. මනාලිය පවසා ඇත්තේ මංගල උත්සවයේදී සිදු කෙරුණු මෙම නර්තනය තම ස්වාමියාට කෙරුණු ගෞරවයක් සේ සලකන බවයි.
ඉතා සීමිත දින ගණනකින් මිලියන 11ක් නැරඹූ මෙම සංවේදී වීඩියෝ පටය පහතින් බලන්න..
Friday, January 22, 2016
නවසීලන්තයේ මනාලියක් අන්තර්ජාලය කළඹයි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment