නවසීලන්තයේ මනාලියක් අන්තර්ජාලය කළඹයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

නවසීලන්තයේ මනාලියක් අන්තර්ජාලය කළඹයි (VIDEO)

නවසීලන්තයේ විවාහ මංගල උත්සවයක සිදු වූ නර්තනයක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දැඩි ප‍්‍රසිද්ධියක් අත්කර ගෙන තිබෙනවා. එහිදී මනාල යුවළගේ මිතුරන් පිරිසක් නවසීලන්ත සාම්ප‍්‍රදායික හකා නර්තනයක යෙදී ඇත්තේ රැස්ව සිටි පිරිසගේ දෑස් කඳුලින් තෙත් කරමින්. 

නවසීලන්ත රග්බි කණ්ඩායමද තරගයකට පෙර ඉදිරිපත් කරන මෙම හකා නර්තනය 18 වැනි සියවසේ එරට ජීවත් වූ ගෝති‍්‍රක කණ්ඩායමක් සිදු කළ බවටයි විශ්වාස කෙරෙන්නේ. හකා නර්තනයේ මුල් හිිමිකරුවන් මෞර ජන කොට්ඨාසයට අයත්. මෙම විවාහ උත්සවයේ මනාලයාද මෞර ජන කොට්ඨාසයෙන් පැවත එන්නෙක්. 

එහිදී සිදු කෙරුණු මෙම හකා නර්තනයට පසුව මනමාලියද කඳුළු සලමින් එක්වීම මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ජනපි‍්‍රයව පවතිනවා. මනාලිය පවසා ඇත්තේ මංගල උත්සවයේදී සිදු කෙරුණු මෙම නර්තනය තම ස්වාමියාට කෙරුණු ගෞරවයක් සේ සලකන බවයි. 

ඉතා සීමිත දින ගණනකින් මිලියන 11ක් නැරඹූ මෙම සංවේදී වීඩියෝ පටය පහතින් බලන්න..







No comments:

Post a Comment

Post Bottom Ad