බචා ඛාන් විශ්වවිද්‍යාලයට ත්‍රස්තවාදීන් පහර දෙද්දී සයිඩ් හමීඩ් හුසේන් නමැති මහාචාර්යවරයෙකු සිසුන් වෙනුවෙන් සටන් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ වන විට ඔහු මුළු පකිස්‌තානයේම වීරයෙක් ලෙස සැලකුම් ලබන බවයි පැවසෙන්නේ.
අල්ලාහු අක්‌බාර් යනුවෙන් කෑගසමින් මේ ත්‍රස්‌තයන් වෙඩි තබද්දී ශිෂ්‍යයන්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් මේ මහාචාර්යවරයා සිය පෞද්ගලික පිස්‌තෝලයෙන් ත්‍රස්‌තයන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
වහා ක්‍රියාත්මක වූ ත්‍රස්‌තයන් මේ මහාචාර්යවරයාට වෙඩි තබා මරා දමා තිබෙනවා. සමාජ විද්‍යාව හදාරන මුහමඩ් ඩාවුස් ප්‍රකාශ කරන්නේ හමීඩ් හුසේන් මහාචාර්යවරයා සැබෑ ගුරුවරයෙක්, සැබෑ මහත්මයකු බවයි.
2014 දෙසැම්බර් මාසයේ පෙෂාවාර් පාසලට ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වීමෙන් පසු කයිබර් ප්‍රාන්තයේ ගුරුවරුන්ට පෞද්ගලික ගිණි අවි තබා ගැනීම රජය මගින් අනුමත කර තිබූ අතර මෙම තීරණය පිළිබඳ ගුරු සංගම් විරෝධය පළකළේ ත්‍රස්‌තයන් සමග සටන් කිරීම තම කාර්යයක් නොවන බව පවසමින්.
Friday, January 22, 2016
වෙඩි පිට වෙඩි තියද්දී 'ගුරුවරයෙක්' සිසුන් වෙනුවෙන් සටන් කළ හැටි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment