ශීතකරණයක් තුළ තිබී 'දරුවන් 5කගේ ' මළ සිරුරු හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ශීතකරණයක් තුළ තිබී 'දරුවන් 5කගේ ' මළ සිරුරු හමුවේ

අත්හරින ලද අධිශීතකරණයක් තුළට සෙල්ලම් කිරීම සඳහා රිංගා ගත් දරුවන් පස් දෙනෙක් මරණයට පත්ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වෙන්නේ කකාමස් නැමැති දකුණු අපි‍්‍රකාවේ ගම්බද ප්‍රදේශයකින්.

කාන්දම් බලයෙන් වැසෙන ස්වයංකී‍්‍රය දොරක් සහිත මේ අධිශිතකරණය පිටතින් පමණක් විවෘත කළ හැකි බවයි පැවසෙන්නේ. අධිශීතකරණයට දරුවන් ඇතුළු වීමෙන් පසුව ස්වයංකී‍්‍රයව එහි දොර වැසී ඇති අතර ඔවුන් හුස්ම හිර වීම නිසා මරණයට පත් වුණා.

මෙම  ළමුන් වයස අවුරුදු 3 සහ  5 අතර වන අතර ඔවුන් නෑදෑයන් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඔවුන්ගේ මිත්තණිය විසින් මෙම අත්හරින ලද අධිශීතකරණය විවෘත කර ඇති අතර  ඒ වන විටත් ඔවුන්ගේ සිරුරු ගල් ගැසී තිබුණු බව එරට පොලිස් ප‍්‍රකාශකවරයා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad