ග්‍රහ මණ්ඩලයට තවත් ග්‍රහයෙක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ග්‍රහ මණ්ඩලයට තවත් ග්‍රහයෙක් (VIDEO)

පෘථිවිය මෙන් දස ගුණයකින් විශාල නව ග්‍රහලෝකයක් සෞරග්‍රහ මණ්ඩලය තුළ තිබෙන බවට ප්‍රබල සාක්ෂි තමන් සොයා ගෙන ඇති බව ඇමරිකානු තාරකා විද්‍යාඥයෝ පවසති.

“නම වෙනි ග්‍රහයා” නමින් දැනටමත් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ වස්තුව නෙප්චූන් ග්‍රහයා ගේ සිට සැතපුම් කෝටි ගණනක් ඈතින් පරිභ්‍රමණය වෙමින් තිබෙන බව කැලිෆෝනියා තාක්ෂණික ආයතනය ප්‍රකාශ කරයි. “එක මොහොතක් තිබුණා හරියටම මේ පුටුවේ වාඩිවෙලා ඉන්න කොට අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් අපේ අවධානයට යොමු වුණු.

ඒක මගේ ඇස් අදහාගන්න බැරිවුණු මොහොතක්. එත් මම ‘හුරේ’ කියල උඩ පැන්නේ නැහැ. හැබැයි ඒක ඇත්තටම දැක්කහම මම ගල් ගැහුණා” යනුවෙන් කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ තාරකා විද්‍යාඥයෙක් වන මයික් බ්‍රවුන් (Mike Brown) තම කණ්ඩායම විසින් මේ නව සොයා ගැනීම සිදු කල මොහොත විස්තර කළේය.

ලොව පුරා ඇති බොහෝ දුරේක්ෂ අතරින් එකකට මෙය දැක ගැනීමේ අවස්ථාව උදා විය හැකි බව පැවසූ ඔහු ලෝකය පුරා සිටින්නන් මෙය සෙවීමට උත්සුක වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව වැඩි දුරටත් ප්‍රකාශකර සිටියේය. මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වෙමින් තිබෙන බව ද සඳහන් වේ.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad