2016 වසරේ පැවති 05 ශේ‍්‍රණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව කොළඹ ප්‍රධාන පාසල් 08 ක ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සංශෝධනය කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය අද (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.
පාසල් 08 ක පමණක් කඩඉම් ලකුණු සංශෝධනය කිරීමෙන් සිසුන්ට අසාධාරණයක් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කරයි. කොළඹ රාජකීය - ආනන්ද- නාලන්ද - ඩී එස් සේනානායක - ඉසිපතන - තර්ස්ටන් - මහානාම සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල්වලට ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතුළත් කර ගැනීමේ දී පැවති කඩඉම් ලකුණ ලකුණකින් අඩු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (21) නිවේදනය කරනු ලැබී ය.
කොළඹ රාජකීය විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සඳහා අතිරේක පන්තියක් ආරම්භ කිරීම ඊට හේතුව ලෙස දක්වා තිබේ. කඩඉම් ලකුණු මෙලෙස අඩු කිරීමේ විද්‍යාත්මක පදනමක් නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පෙන්වා දෙයි.

No comments:
Post a Comment