බෙලිඅත්ත - කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

බෙලිඅත්ත - කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම අත්හිටුවයි

බෙලිඅත්තේ සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ සැළසුම් මේ වනවිට අත්හිටුවා ඇති බව මාතර - කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ තාක්ෂණ නිලධාරී වයි.කේ. සමරජීව මහතා සඳහන් කරයි. 

ඔහු මේ බව පැවසූවේ ඊයේ (21) හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ය. යෝජිත දුම්රිය මාර්ගයෙහි කෘෂිකාර්මික කටයුතු සහ ඉදිකිරීම් මේ වනවිට නතර කර ඇති බැවින් ඒ පිළිබඳ ගොවි සංවිධාන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා තාක්ෂණ නිලධාරීවරයා මෙම රැස්වීම කැඳවා තිබේ.

බෙලිඅත්තේ සිට අම්බලන්තොට හරහා කතරගම දක්වාත් බෙලිඅත්ත, මදුනාගල, මත්තල ගුවන්තොටුපොල හරහාත් කතරගම දක්වා දුම්රිය මාර්ග ඉදි කිරීමට මූලික සැලසුම සකස් කර තිබූ බවත් හෙතෙම සඳහන් කර ඇත.

එම සැළසුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි තවමත් අවධානය යොමු වී නොමැති හෙයින් ඒවා ආරම්භවන දිනයක් ද ප්‍රකාශ කළ නොහැකි බව සමරජීව මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad