ඇඹිලිපිටිය සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ඇඹිලිපිටිය සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක් (VIDEO)

ඇඹිලිපිටියේදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන බව ජාතික පොලිස් කොමිසම සදහන් කරයි. මේ වනවිට එම පුද්ගලයාගේ ඝාතනය සිදුවී දින 18 ක් ගතව ඇත.

පොලිස්පතිවරයා මේ පිළිබඳව අදහස් දක්වා සිටියේ ඊයේ (21) පොලිස් කොමිසම විසින් සෑම සතියකම පවත්වනු ලබන ඉහළ නිලධාරින්ගේ රැස්වීමට සහභාගිවූ අවස්ථාවේදීය.


නිදහස් නීතිඥ සංවිධානය ද ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර එයට හේතුවූයේ ද ඇඹිලිපිටිය සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමය. ඊට එක්වූ එහි විධායක සභික නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පොලිස් කොමිසමේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන එල්ල කළේය.

මේ අතර පරීක්ෂණ අවසන් වනතුරු මාරුවීම් ලැබ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා සහ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් 09 දෙනෙකු ඊයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවූ බව වාර්තා වේ.

ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමටය. පොලිස් නිලධාරීන් හයදෙනෙකු කොමිසම වෙත පැමිණ සිටි නමුත් සිද්ධියට චෝදනා එල්ලවන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා කොමිසම වෙත නොපැමිණි බව සඳහන් වේ. 

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ උසස් නිලධාරියෙකු ප්‍රකාශකර සිටියේ ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට ඊයේ දිනයේ කෑගල්ල අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීමට අවශ්‍ය බවට කරුණු දක්වා තිබූ බවය. 

අසනීප තත්ත්වයකින් පසුවන නිසා ඇඹිලිපිටිය හිටපු මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ද කොමිසම වෙත පැමිණීමට නොහැකි බව දැනුම්දී තිබූ බව එම උසස් නිලධාරියා ප්‍රකාශකර සිටියේ ය. 
මේ පිළිබඳව වැඩිදුරට අදහස් දක්වමින් ඔහු කියාසිටියේ පැමිණ සිටි පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad