යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස විදෙස් විනිසුරුවරුන් හෝ අධිකරණ ක්‍රියාවලියක හෝ මැදිහත් වීමක් හෝ , විශේෂඥයන් "ආනයනය" කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි එම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ ‘සිදු කරන විමර්ශනය අභ්‍යන්තර සහ දේශීය වූවක් විය යුතු’ බවයි. "මෙම කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ.
රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන් , ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ" යි ජනාධිපතිවරයා කියා සිටියේ ය.
මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීම පිණිස පොදු රාජ්‍ය මණ්ඩලයේ සහාය ද ඇතිව විදෙස් විනිසුරුවරුන් ගෙන්, පැමිණිලි මෙහෙයවන්නන් ගෙන් සහ ගවේෂකයන් ගෙන් සමන්විත විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවට 2015 වසරේ ඔක්තෝබර් මස දී එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව ද සම අනුග්‍රහය දැක්වූයේ ය.
ජනාධිපති සිරිසේන මහතා පවසා සිටියේ 2015 වසරේ සැප්තැම්බරයේ දී එළි දැක්වූ එක්සත් ජාතීන් ගේ සංවිධාන වාර්තාවෙන් යුද අපරාධ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමක් පැවති යනුවෙන් චෝදනා නඟා තිබුණ ද ඒ හා සම්බන්ධ පුද්ගලයන් කවරෙක් ද යන්න නම් ගම් වශයෙන් සඳහන් කිරීමට එම වාර්තාව අසමත් ව ඇති බවයි.
ඔහු කියා සිටියේ එවන් ගණයේ අපරාධයක් පිළිබඳ තීරණයකට එළැඹීම පිණිස අදාළ අපරාධය සිදු වූ ස්ථානය සඳහන් කිරීම ඇත්ත වශයෙන් ම වැදගත් වන බවයි. "ශ්‍රී ලංකා යුද හමුදාවට ඒ ආකාර චෝදනා එල්ල වනවා නම් අපේ කාර්යය විය යුත්තේ ඔවුන් එම චෝදනාවලින් නිදහස් කර ගැනීමට කටයුතු කිරීමයි. යම් කෙනෙක් එවන් අපරාධයක් සිදු කර ඇත්නම් ඔවුන් දඬුවම් ලැබිය යුතු බවට කිසිදු සැකයක් නෑ.
කොහොම වෙතත් සිදු වී ඇතැයි චෝදනා නැඟෙන දේ සම්බන්ධයෙන් සමස්ත යුද හමුදාවට ම චෝදනා නැඟීම වැරදියි" යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේ රජයේ හමුදා සම්බන්ධයෙන් දැඩි ආරක්ෂිත ස්ථාවරයක පිහිටා සිටිමිනි.
ශ්‍රී ලංකාවේ තවමත් සිදු කෙරෙමින් පවතින වධ හිංසා හා රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් ‘වධ හිංසාවෙන් මුක්තිය’ නමින් වෛද්‍ය සුබ සාධක සංවිධානය (Freedom from Torture) එළි දක්වා ඇති වාර්තා ද ජනාධිපතිවරයා ගේ ප්‍රතික්ෂේප කිරීමට ලක් විය.

No comments:
Post a Comment