නුවර අධිවේගයේ එක අඟලක් ඉදි කර නෑ.. වැඩ අරඹන දිනයකුත් නෑ.. – RDA අධ්‍යක්‍ෂවරු කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

නුවර අධිවේගයේ එක අඟලක් ඉදි කර නෑ.. වැඩ අරඹන දිනයකුත් නෑ.. – RDA අධ්‍යක්‍ෂවරු කියති..

පසුගිය වසරේ අගෝස්තු 03 වැනි දින මුල් මුල්ගල් තබන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ වන විට කිසිම ඉදිකිරීමක් කර නැතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග අධ්‍යක්‍ෂවරුන් හා ඉංජිනේරුවන් සහභාගී වූ මාධ්‍ය හමුවකදී හෙලි විය.

කලින් රජය සැලසුම් කර තිබූ මං තීරු 06 නව සැලසුම් ඔස්සේ මං තීරු 04ක් දක්වා අඩු කර තිබෙන බවත් ව්‍යාපෘතිය වසර හතරකින් නිම කිරීමට නියමිත බවත් ඔවුහු පැවසූහ.

කෙසේ වෙතත් මේ දක්වා මාර්ගයේ මුල්ගල තැබීම හැර වෙනත් කිසිදු ඉදිරීමක් ආරම්භ කර නැතැයිද කී ඔවුහු වැඩ ආරම්භ වන දිනයක් කිව නොහැකි යයිද කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad