භික්ෂු කතිකාවත මහානායක හිමිවරුන්ගේ අනුමැතියකින් තොරව සම්මත කරන්නේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

භික්ෂු කතිකාවත මහානායක හිමිවරුන්ගේ අනුමැතියකින් තොරව සම්මත කරන්නේ නෑ

ථේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත කුමන ලෙසකින්වත් මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. එහි දී වැඩිදුර අදහස් දැක් වූ අමාත්‍යවරයා, "අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවධානය යොමු කළ කාරණයක් වන්නේ, ථේරවාදී කතිකාවත පනත් කෙටුම්පත කුමන ලෙසකින්වත් මහානායක ස්වාමින්වහන්සේලාගේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට රජයට අවශ්‍යතාවක් නැති බව. බුද්ධ ශාසන අමාත්‍යතුමා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, මහනායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම පිටයි.

එහෙත් විවිධ මතවාද මේ පිළිබඳ පළ වූ නිසා මේ පිළිබඳ මහානයක ස්වාමින් වහන්සේලා දැනුවත් කර, අවශ්‍ය ඕනෑම සංශෝධනයක් ඇතුළත් කළ හැකි නිසා අවශ්‍ය සංශෝධන ලබගෙන, මෙහි ඉදිරි කටයුතු කරන්න අතිගරු ජනධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය තීරණය කළා"  යනුවෙන් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad