මහා ව්‍යාපෘති 160කින් යුත් බස්නාහිර පළාත මහානගර යායක් බවට පරිවර්ථනය කිරීමේ ව්‍යුහාත්මක සැලැස්ම ලබන 29 වැනිදා පෙ.ව.10.30ට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී එළිදැක්වෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (21)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය...
“මෙම ව්‍යාපෘතියේ අදියර තුනක් තිබෙනවා. පළමු අදියර සැලසුම් සකස් කිරීමේ අදියරයි.අපේ පළමු පියවර වුණේ සියලු දෙනාගේම අඳහස් විමසලා,විධිමත් ව්‍යුහාත්මක සැලැස්මක් ඉදිරිපත් කරන්න. දෙවැනි පියවර බස්නාහිර මහනගර අධිකාරියක් පිහිටුවලා,පාර්ලිමේන්තුවෙන් අධිකාරිය අනුමත කරලා, ඒ සැලසුමත් අනුමත කරලා,මෙයට නීත්‍යාණුකූලභාවයක් ලබදීම. ඉදිරි හයමසය ඇතුළත ඒ කටයුත්ත සිදු කිරීමට. තුන්වැනි අදියර මේ ව්‍යාපෘති එකිනෙක විධිමත්ව ක්‍රියාත්මක කිරීම.“
“දැනටමත් මහපරිමාණ තේමා දහයක් තෝරගෙන තිබෙනවා. එම තේමා 10 යටතේ විශාල ව්‍යාපෘති 160ක් හදුනාගෙන තිබෙනවා. එම ව්‍යාපෘති මේ වසර තුළ ක්‍රියාත්මක කිරීම අපේ තෙවැනි අරමුණ වන්නේ. දැන් සිදු වන්නේ එහි පළමු අදියරයි, එනම් අවකාශිය සැලසුම එළිදැක්වීමයි. මේ සම්බන්ධයෙන් විවිධ වෘත්තීයවේදීන්ගේ අඳහස් ලබගත්තා. සාමන්‍ය ජනයාගේ අඳහස් ලබගත්තා.ආගමික නායකයින්ගේ අඳහස් ලබගත්තා.“ යැයිද හෙතෙම සඳහන් කළේය.
“බස්නාහිර සැලසුම අවශ්‍ය ඇයි? අප කරුණු තුනක් අවබෝධ කර ගත්තා. වියවුල් සහගත නාගරික කරණය නිසා මතු වූ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න.දුඟී පැල්පත්වාසීන්ට අලුත් නිවහනක් ඕන. අනෙක් දැවෙන ප්‍රශ්නය මර්ග තදබදයයි. කැළි කසල ප්‍රශ්නය ඊළඟට තිබෙන ප්‍රශ්නයයි. මේවාගේ ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලබාදෙන්න අපි නාගරික සැලැස්ම ඉදිරිපත් කරන්නේ.
මේ ව්‍යපෘති ආයෝජක සමුළුවලට ඉදිරිපත් කරනවා. මෙහි තිබෙන ඇතැම් දෑ කඩිනමින් පටන් ගන්නවා. ප්‍රධාන ව්‍යාපෘති ඉදිරිපත් කරන අතරේ අනෙක් ව්‍යාපෘති ඊට සමාන්තරව යන්න බලාපොරොත්තු වෙනවා“ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment