රනිල්ට එරෙහි කිලිනොච්චියේ උද්ඝෝෂණයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 21, 2016

රනිල්ට එරෙහි කිලිනොච්චියේ උද්ඝෝෂණයක් (PHOTOS)

යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයින් සියලු දෙනාම මියගොස් ඇති බවට ඉකුත් තෛපොංගල් දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී සිදු කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් අද (21) කිලිනොච්චිය සමූපාකාර ගොඩනැගිල්ල ඉදිරිපිට දී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

වත්මන් රටේ අගමැතිවරයා පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ දී අතුරුදන් වූවන් සෙවීම සඳහා විවිධ වූ විරෝධතාවයන් එල්ල කළ ද වත්මන් ආණ්ඩුවේ දී අගමැතිවරයා වශයෙන් යුද්ධයේ දී අතුරුදන් වූවන් සම්පූරණයෙන්ම නොසලකා හැරීම මගින් එම ජනතාවට දැඩි අසාධාරණයක් සිදු කොට ඇති බවට එම  උද්ඝෝෂණයේ නිරත යුද සමයේ දී අතුරුදන් වූවන්ගේ ඥාතීහු කියා සිටී.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා විසින් යාපනයේ දී යුද්ධයේ දී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සිදු කළ කතාව කිසිසේත් පිළිගත නොහැකි බවටත් අතුරුදන් වූවන්ගේ දෙමාපියන් හා ඥාතීන්ගේ හදවත් තේරැම් නොගෙන එම ප්‍රකාශය කර ඇති බවටත් තමන්ගේ දරුවන් තවමත් ජීවත්වන බවටත් එම දරුවන් පිළිබඳ විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙසටත් එහි දී උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

වන්නි රොමේෂ් මධුශංක 

No comments:

Post a Comment

Post Bottom Ad