පෙරහරවලට අලි ලබාදීමට විශේෂ ඒකකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

පෙරහරවලට අලි ලබාදීමට විශේෂ ඒකකයක්

පෙරහර සහ ආගමික උත්සව සඳහා හීලෑ අලිඇතුන් ලබාදීමට හීලෑ අලිඇතුන්ගෙන් යුත් විශේෂ ඒකකයක් උඩවලවේ ස්ථාපිත කරන බව වනජීවී සහ තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා සඳහන් කරයි.

නීතිවිරෝධී ව ළඟ තබාගෙන සිටින අලිඇතුන් අධිකරණය මගින් ලබාගෙන එම ඒකකය සඳහා යොමු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ඔහු මේ බව පැවසූවේ පසුගිය දා එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය.

රුපියල් මිලියන 60 වියදම් කරමින් මාස 02 ඇතුළත උඩවලවේ එම ඒකකය ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය. එමෙන්ම ඉදිරියේ දී මාසයක කාලයක් පමණ සංචාරකයන්ට යාල වනෝද්‍යානය තහනම් කර තබන බවත්, යාල හැර ලංකාවේ අනිකුත් වනෝද්‍යානය වෙත සංචාරකයන් යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

පරිසරය සුරැකීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් පවතින තත්ත්වයේ යාල වනෝද්‍යානය පැවතුණහොත් බොහෝ ඉක්මනින් එය විනාශ වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. එමෙන්ම ඉදිරියේ දී යාල වනෝද්‍යානයේ කලාප සියල්ල නැරඹීම වෙනුවට එක් දොරටුවකින් ඇතුළු වී එක් කලාපයක් පමණක් නැරඹීමට හැකිවන පරිදි යාල වනෝද්‍යානය සකස් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad