හිස්වූ මන්ත්‍රී ධූරය චතුර සේනාරත්නගේ පක්ෂයට ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 21, 2016

හිස්වූ මන්ත්‍රී ධූරය චතුර සේනාරත්නගේ පක්ෂයට ඉල්ලයි

එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන හිටපු ඇමතිවරයාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තම පක්ෂයට හිමිවිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පසුගිය අගෝස්තු මහ මැතිවරණයට පෙර ඇතිකරගත් ගිවිසුම අනුව තම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධූර දෙක එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාටත් ජයම්පති වික්‍රමරත්න මහතාටත් දුන් බවත් ඒ අනුව ගුණවර්ධන මහතා මිය යාම නිසා ඇතිවූ පුරප්පාඩුවට තම පක්ෂයෙන් මන්ත්‍රීවරයකු පත් කරන ලෙස සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

අගමැතිවරයා ස්විට්සර්ලන්තයේ ජගත් ආර්ථික සමුළුවට සහභාගිවී ආපසු පැමිණිවිට මේ ගැන සාකච්ඡා කරන බවත් ඔහු කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad