ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය සඳහා රහස් පොලිසිය ඉල්ලා සිටි සහයෝගයට අනුව තමන් භාරයේ තිබූ, ඉකුත් වන්නි මානුෂීය මෙහෙයුම සමයේ එල්ටීටීඊයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ පී. රංජිත් නොහොත් ප්‍රදීප් රංජිත් නමැති ත්‍රස්‌තවාදියකුගේ හඬ පටයක් රහස් පොලිසියට භාර දීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.
කොළඹ පදිංචිව සිටි සිංහල කොටියකු වූ ප්‍රදීප් රංජිත් නමැති මෙම ත්‍රස්‌තවාදියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විදේශගත වන අවස්‌ථාවකදී ගමන් ගන්නා ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ජනපති ඝාතනය කිරීමට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සමඟ සැලසුම් කරනු අයුරු මෙම හඬ පටයේ ඇතුළත් බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මාවිල්ආරුවෙන් ඇරඹි නැගෙනහිර යුද මෙහෙයුමෙන් පසු දියත් කළ වන්නි අවසන් මානුෂීය මෙහෙයුම සමයේ පී. රංජිත් නමැති මෙම ත්‍රස්‌තවාදියා එල්ටීටීඊ බුද්ධි අංශ නායකයන් සමග සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා ඝාතනයට මෙසේ සැලසුම් කර ඇත.
ඒ දිනවල ව්‍යාජ කොටි බුද්ධි සේවයක් ආරම්භ කරමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ක්‍රියාත්මක කර තිබූ “ඔපරේෂන් ඩබල් එඡ්” මෙහෙයුමට අනුව පී. රංජිත් නමැති ත්‍රස්‌තවාදියා හිටපු ජනාධිපතිවරයා ඝාතනයට එල්ටීටීඊය සමඟ සිදු කළ කථා බහ පටිගත කිරීමට හැකි වී ඇත.
වන්නි මානුෂීය මෙහෙයුමටත් පෙර සිටි මෙකී සිංහල කොටියා ඒටීටීඊයේ සාම්පූර් බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ තවේන්ද්‍රන් සමග සබඳතා පවත්වා තිබූ අතර පසුව රංජිත් නොදැනුවත්වම තවේන්ද්‍රන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ඔත්තුකරුවකු බවට පත්ව ඇත.
හිටපු ජනාධිපතිවරයා ඝාතනයට ඔහු කරන ලද සැලසුම පටිගත කිරීමට යුද හමුදා බුද්ධි අංශ සමත්වී ඇත්තේ හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධ වූ තවේන්ද්‍රන් කරනු ලැබූ අනාවරණයන් අනුවය. පී. රංජිත් නමැති ත්‍රස්‌තවාදියා තවෙන්ද්‍රන් හමුදාව හා සම්බන්ධ වීමෙන් පසුවද ඒ බවක් නොදැන දකුණේ කටයුතු හා ප්‍රභූ ඉලක්‌ක පිළිබඳ ඔහුට එත්තු සපයමින් දිගින් දිගටම සබඳතා පවත්වා ඇත.
– දිවයින
Friday, January 22, 2016
සිංහල කොටියා කොටින්ට ඔත්තු දෙන හඬපටයක් යුද හමුදාව CIDයට භාර දෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment