රට විසාලා නුවරක වෙස් ගනී.. අවසන් පැය 24කදී මිනී මරුම් පහයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

රට විසාලා නුවරක වෙස් ගනී.. අවසන් පැය 24කදී මිනී මරුම් පහයි..

රට පුරා ස්ථාන පහකදී මනුෂ්‍ය ඝාතන පහක් අවසන් පැය 24 තුල සිදුව ඇති බව පොලීසිය පවසයි.

තියුණු ආයුධයකින් පහර දී කුරුණෑගල යටිවැහැරවත්ත වතුයායේ මුරකරුවා ඝාතනය කර ඇති අතර සැකකරු පැනගොස් තිබේ. සැමියා විසින් පහර දී සිය බිරිඳ ඝාතනය කිරීමක් තිස්සමහාරාම එකමුතුගම ප්‍රදේශයෙන් වාර්තා වන අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත.

70 හැවිරිදි කාන්තාවක් ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීමක් අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මේ අතර මිද්දෙණිය කාරියමඩිත්තේදී 25 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර වීරකැටියේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad