දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පොහොය ලක්වාසී සියලු දෙනාට වැදගත් වන්නේ, බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය අද වැනි දිනක සිදුවීම හේතුකොට ගෙන ය.
අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.
බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනකය.

No comments:
Post a Comment