ඇමති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනගේ අවසන් කටයුතු අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 23, 2016

ඇමති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අද (23) කන්තලේදී සිදු කිරීමට නියමිත ය.

එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ දේහය මේ වන විට කන්තලේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ ත් මහජන නියෝජිතයෝ විශාල පිරිසක් පැමිණියහ.

හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පසුගිය 19 වන දා අභාවප්‍රාප්ත වුයේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. 1947 වසරේ මාර්තු මස 06 වන දින උපත ලැබූ ගුණවර්ධන මහතා මිය යන විට 69 වන වියේ පසු විය.

No comments:

Post a Comment

Post Bottom Ad