දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අවම වශයෙන් මාසයකට සැරයක්වත් රැස්විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසූවේ පසුගියදා කොළඹදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් හමුවූ අවස්ථාවේදීය.
පසුගිය කාලය තුළදී අතරමඟ නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩකටයුතු සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය බව සම්බන්ධීකරණ කමිටු රැසක සම සභාපතිවරුන් මෙහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ආණ්ඩුව අවසන් කාලයේදී ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති රැසක් මැතිවරණ ඉලක්ක කරගෙන ආරම්භ කර ඇති බවයි.
නමුත් එම සංවර්ධන ව්‍යාපෘතිවලින් 50%කට වඩා සාර්ථක ව්‍යාපෘති තිබෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මාර්ගයෙන් දැනුම් දෙන ලෙස මෙහිදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

No comments:
Post a Comment