කත්රිනාට ‘වැලන්ටයින්’ එපාවෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 23, 2016

කත්රිනාට ‘වැලන්ටයින්’ එපාවෙලා

මෙවර වැලන්ටයින් දිනය ගත කරන්නේ කොහොමදැයි බොලිවුඩ්පුරයේ පෙම්වතියකගෙන් බොහෝ දෙනකු විමසුවා. මේ හැම දෙනකුම සිතුවේ ඇගේ පිළිතුරට ජනප්‍රිය නළු රන්බීර් කපූර්ගේ නම කියැවේවිය කියලයි.

රන්බීර්ගේ නම සඳහන් වන විට ඔබ දන්නවා පෙම්වතිය කවුරුන්දැයි කියා. ඔව්. ඇය තමයි ජනප්‍රිය නිළි කට්රිනා කායිෆ්. බොලිවුඩ්පුරයේ රහසක් නොවූ රන්බීර් කට්රිනා පෙම් පුවතට කාගේත් ආශිර්වාදය හිමි වුණා.

ඒත් මීට සති දෙක තුනකට කලින් අහන්න ලැබුණු ආරංචිවලින් කියවුණේ රන්බීර් සහ කට්රිනා අතර කිසියම් විරසක වීමක් ලියලමින් පවතින බවයි. මෙවර වැලන්ටයින් දිනය ගැන ඇසූ ප්‍රශ්නයටත් කට්රිනා ගෙන් ලැබුණු උත්තරයේ රන්බීර්ගේ නමවත් නොගෑවී තිබුණේ ඒ නිසා වෙන්න ඇති.

කට්රිනාගෙන් බොහෝ දෙනකු මේ ප්‍රශ්නය ඇසුවේ ඇය රඟපෑ ‘ෆිටූර්’ නම්වූ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තිරගත වීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයේදීයි. ඇය පැවසුවේ මෙවැන්නක්… “චිත්‍රපටය තිරගත වෙන්නෙ පෙබරවාරි 12 දා. ඒ කියන්නෙ වැලන්ටයින් දවසට, දවස් 2කට කලින්.

අපි හැමෝම එදාට සතුටු වෙනවා. චිත්‍රපටයට උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබේවි.“ ඇගේ මේ උත්තරයෙන් පසුව බොහෝ දෙනකු කීවේ, ‘ෆිටූර්’ චිත්‍රපටය ගැන බලාපොරොත්තු සහගතව සිටින කට්රිනා, රන්බීර් ගැන සඳහන් නොකිරීමට ඉතාම ප්‍රවේසම් වූ බවයි.

ඇගේ ඒ ප්‍රතිචාරයෙන් හැ‍ඟෙන්නේ පෙබරවාරි 14 දා ඇය රන්බීර්ව හමු නොවන බවයි. ඒත් පසුගිය නත්තල් දා ඇය, රන්බීර් ඇතුළු ඔහුගේ පවුලේ අය සමඟ සතුටින් ගතකළ බවනම් රහසක් නොවෙයි.

Katrina-Kaif-Pictures-Dhoom-3-Merchandise-Launch-red-dress Queen-of-Dreams katrina-kaif-in-red-dress-3

Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad