මෙරට රජයේ හා පුද්ගලික රෝහල්වල විදේශික ජාතිකයින්ට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඉකුත් සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
නීති විරෝධී ලෙස සිදුකරනු ලැබූ වකුගඩු ජාවාරමට අදාළව චෝදනා ලැබ ඇති වෛද්‍යවරුන් 06 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද මහීපාල මහතා කියා සිටියේ ය.
කෙසේ වුව ද දිවයිනපුරා පවත්නා රජයේ හා පුද්ගලික රෝහල්වලින් ශ්‍රී ලාංකිකයින්ට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කර ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

No comments:
Post a Comment