මැදිරිගිරිය, කුමුදුපුර ප්‍රදේශයේදී තරුණියක් ඝාතනයට ලක්කොට තිබේ. එම තරුණිය නිවස පිටුපස ලදු කැලෑවක කැපුම් තුවාල සහිතව වැටී සිටියදී ඇයගේ මව විසින් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
තරුණිය ප්‍රතිකාර සඳහා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමට රැගෙනයමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණියකි.
සිද්ධියට අදාළ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මැදිරිගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

No comments:
Post a Comment