කැළණිය අවට විශේෂ ධාවන සැලැස්මක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 19, 2016

කැළණිය අවට විශේෂ ධාවන සැලැස්මක්

කැළණිය රජමහා විහාරයේ දේව දූත පෙරහැර හේතුවෙන් අද (19) පස්වරුවේ ඒ අවට විශේෂ ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා.

පොලීසිය පැවසුවේ පස්වරු 3.30 සිට රාතී‍්‍ර 8 පමණ දක්වා මෙම විශේෂ ධාවන සැලැස්ම කි‍්‍රයාත්මක වන බවයි. 

ඒ අනුව කොළඹ දෙස සිට කැළණිය හරහා බියගම මාර්ගය ඔස්සේ ගමන් කරන මාර්ග පෑලියගොඩ, පට්ටියහන්දියෙන් කිරිබත්ගොඩ දෙසට ගමන් කර සපුගස්කන්ද හරහා බියගම දෙසට ගමන් කළ යුතු වනවා.

බියගම දෙස සිට පැමිණෙන වාහන නාගහමුල හන්දියෙන් දකුණට හරවා සපුගස්කන්ද, මාකොළ, කිරිබත්ගොඩ හරහා කොළඹ දෙසට ගමන් කළ හැකියි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *