බන්ධනාගාර ගත ව සිටි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
මොවුන්ට එරෙහි චෝදනා පත්‍ර අද (21) විවෘත අධිකරණයේ දී කැඳ වූ අවස්ථාවේදී මෙලෙස ඇප නියම කර තිබේ. විත්තියේ නාලක ගොඩහේවා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් නිල් බලකාය නමැති සංවිධානයට රුපියල් මිලියන 05ක මුදලක් මුදා හැරීම සම්බන්ධයෙන් පළමු විත්තිකරු වගකිව යුතු නොමැති බව පෙන්වා දී ඇත.
එම මුදල් ප්‍රමාණය මුදාහැර ඇත්තේ සංවිධානයේ 320 වන සැසිවාරයේ ගනු ලැබූ තීන්දුවකට අනුව බව ද නීතිඥවරයා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදල් ඇප 03ක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය තීන්දු කර තිබේ.
මෙලෙස ඇප නියම වූ අනෙක් දෙදෙනා වූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ රොනී ඉබ්‍රාහිම් ය. සේවෙතත් සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය විසින් තීන්දු කර ඇත.

No comments:
Post a Comment