මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට විගමනික පුහුණුව ලබා දෙන කාලය දින 40 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් මෙම තීරණය ගෙන ඇති බව එම කාර්යාංශය පෙන්වා දෙයි. මැදපෙරදිග ගෘහ සේවය සඳහා පළමු වරට පිටත් ව යන කාන්තාවන්ට දින 21 ක පුහුණුවක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට පෙර පියවර ගෙන තිබේ.
වෘත්තිය නිපුණතාවය, කුසලතා වැඩිදියුණු කිරීම, සන්නිවේදන හැකියාව ඇතුළු විෂයන් රැසක් මෙම පුහුණුවේදී ලබා දෙන අතර දින 40 ක් දක්වා කාලය දීර්ඝ කිරීම මගින් මෙම පුහුණුව තවදුරටත් ගුණාත්මක කිරීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

No comments:
Post a Comment