ක්‍රිකට් ජනප්‍රිය කීරීමට අත්පුඩි ගහන අය ජාතික කණ්ඩායමට ගෙන ඒම හීනයක් වුවත් ඒ සිහිනයෙන් ඔවුන්ව මුදවා එය යථාර්තයක් බවට පත් කරන වැඩපිළිවෙලක් සකස් කරන බව කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ පසුගිය දා හෝමාගම ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබාදීමේ උත්සවයකදී ය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“ධනවත් දෙමාපියන්ගේ දරුවෝ ජනප්‍රිය පාසල්වලට ගිහිල්ලා ලෙදර් බෝල ගහන්න පුරුදු වෙනවා. ඔවුන් සියලු දෙනාට ඒ සඳහා සියලූ පහසුකම් ලැබෙනවා. ඒ හරහා ඔවුන් හොඳට පුරුදු පුහුණුවෙලා ජාතික මට්ටමට තේරෙනවා.
හැබැයි සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවෝ ගමේ සාමාන්‍ය පාසලට යන නිසා ඔවුන්ට ලෙදර් බෝල සෙල්ලම් කරන්න වාසනාව නෑ. ඔවුන්ට ටෙනිස් බෝල සෙල්ලම් කරන්න තමයි වෙලා තියෙන්නේ. මේ ටෙනිස් බෝල සෙල්ලම් කරන සාමාන්‍ය දරුවන් අර ලෙදර් බෝල ගහන අයට අත්පුඩි ගහන හින්දා තමයි ක්‍රිකට් ක්‍රීඩාව අද ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් වෙලා තියෙන්නේ.“ යැයි ඔහු සඳහන් කළේය.
“පසුගිය කාලේ අපේ රටට කීර්තිය ගෙනත් දුන්න, ලෝකය ජයග්‍රහණය කරපු ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයට ගෙන එන්නවත්, ගමේ අවස්ථාවක් නැතිව සිටින දක්ෂතා ඇති ක්‍රීඩකයන් සොයා යන වැඩපිළිවෙළක්වත් ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබ්බේ නෑ. ඒ වෙනුවට පාලක මණ්ඩලයේ නිලධාරීන්ට තිබ්බේ දේශපාලන න්‍යාය පත්‍රයක්.
ඔවුන් ඒ දේශපාලන න්‍යාය පත්‍රයට වැඩ කරමින් වැඩිපුරම කළේ රට සවාරි යන එක. කොච්චර ද කියනවානම් ඇමතිටත් වැඩිය නිළධාරීන් රට යනවා. ඔවුන්ගේ ලේකම්වරියන් බලවත් වෙලා හිටියා. ක්‍රීඩකයින්ට මානසිකව වධ දුන්නා. ඔවුන්ට මහේල, සංගක්කාර වැනි ක්‍රීඩකයන් විශ්‍රාම යන කොට එවැනි දක්ෂතා ඇති ක්‍රීඩකයන් බිහි කරන වැඩපිළිවෙළක් දැක්මක් තිබ්බේ නෑ.
අද ක්‍රිකට් ක්‍රීඩාව ණයකාරයන්ගේ ක්‍රීඩාවක් බවට පත් කරලා. ක්‍රිකට් පරිහාණියට යද්දි සමහර නිලධාරීන්ගේ ව්‍යාපාර නම් ජාත්‍යන්තර සබඳතා එක්ක දියුණු වුණා. ඒ නිසා අපි දකිනවා වර්තමාන ක්‍රීඩා ඇමතිතුමා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම සුබදායි දෙයක් කියලා.“ යනුවෙන්ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
“කොළඹ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවන්ටත් නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග ආවා වාගේ ජාතික මට්ටමට එන්න පුළුවන් වැඩපිළිවෙළක් අපි හදලා තියෙනවා. ඒ අනුව සියලූ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා භාණ්ඩ ලබා දීලා, අගෝස්තු මාසයේ දී ස්ථාන 04 ක තෝරා ගැනීමේ කඳවුරු තියලා,
ක්‍රිකට් ක්‍රීඩාවට හැකියාව තියෙන දක්ෂයන් තෝරා ගෙන ඔවුන්ට නිසි පුහුණුවක් යටතේ ලෙදර් බෝල ක්‍රීඩා කිරීමට පුහුණු කරලා, කායික හා මානසික ශක්තිය වර්ධනය කරලා ඉහළට ගෙන ඒමේ වැඩපිළිවෙළක් හදලා තියෙනවා. “ යැයි එස්. එම්. මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment