තනතුරුවලට ලොල් වෙන්න එපා - ජීවන් මහින්දට කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 19, 2015

තනතුරුවලට ලොල් වෙන්න එපා - ජීවන් මහින්දට කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කාර්යයක නිරතවී සිටින බවත් ඒ පාපයට සම්බන්ධ නොවන ලෙස එතුමාට දන්වන බවත් කම්කරු රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා මොරටුවේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා... ''සැලුන් දොරෙන් ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් වගේ කතා කියලා අපේ සිත් රිදවූවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ.'' යනුවෙන් සඳහන් කළේය.
එමෙන්ම වසර 50 ක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ නායකයන් මාරු වූ බවද මහින්ද රාජපක්ෂ අගමැතිකමට ලොල් වී පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කළද ඔහු නැතිව ශ්‍රීලංනිපය ට ඉදිරියට යා හැකි යැයිද අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad