අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස කර ඇති යෝජනාව සම්බන්ධයෙන් පක්‍ෂ මධ්‍යම කාරක සභාව අවසන් තීරණයක් ගනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසූවේ ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.
සුළු ජාතික ඡන්ද, පාවෙන ඡන්ද හා තරුණ ඡන්ද ලබාගත හැකි ආකාරයේ පුද්ගලයකු අගමැති අපේක්‍ෂක විය යුතු බැවින් ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තම පක්‍ෂවලට හිමි ඡන්ද ලබා ගැනීමෙන් පමණක් ජය ගත නොහැකි බවත් ජයග්‍රහණය තීරණය වන්නේ පාවෙන ඡන්ද, තරුණ ඡන්ද හා සුළු ජාතික ඡන්ද ලබා ගන්නා පක්‍ෂයට බවත් අමාත්‍යවරයා පැවසී ය.
ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුළු ජාතික ඡන්ද, තරුණ ඡන්ද හා පාවෙන ඡන්ද ලබා ගැනීමට සමත් වූ නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාව එම ඡන්ද දායකයන් ප්‍රතික්‍ෂේප කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මේ නිසා පක්‍ෂය ජයග්‍රහණය කිරීමට නම් සුදුසු පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු වියයුතු බව ද රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

No comments:
Post a Comment