මුරලිගෙන් යළි ලංකාවට වැඩ ගන්න හදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 6, 2015

මුරලිගෙන් යළි ලංකාවට වැඩ ගන්න හදයි

ලොව පහළවු සුපිරි දග පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සේවාව ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලබාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපති සිදත් වෙත්තමුණි මහතා පවසයි.

ඒ සඳහා මුරලිදරන් දැනටමත් කැමැත්ත පළකර ඇති බවද ඒ මහතා හෙළි කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙනුවෙන් මුත්තයියා මුරලිදරන්ගේ කාර්යභාරය පිළිබඳ ඉදිරියේදී මුරලිදරන් සමඟ තවදුරටත් සාකච්ඡා  කිරීමට නියමිත බවද පැවසේ.

මෙම මස 17 වෙනිදා සිය 44 වැනි වියට පිවිසෙන මුරලිදරන් ටෙස්ට් තරඟ 133 කදී කඩුලූ 800 ක් බිඳ හෙලා ඇති අතර එක්දින ජාත්‍යන්තර තරඟ 350 කදී දවාලූ කඩුලූ සංඛ්‍යාව 534 කි.

පසුගිය ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමුගත් හිටපු කි‍්‍රිකට් නායක මහේල ජයවර්ධනද ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස නම්කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *