යහපාලන අධිආරක්ෂිත කලාප! (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

යහපාලන අධිආරක්ෂිත කලාප! (Video)

යහපාලනය යන වචනය ඉදිරියට දාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින බවට වත්මන් රජය ප්‍රකාශ කලත් ඒ දේවල් නිසි ආකාරව ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත්වී ඇති බව ඔවුන්ගේ ක්‍රියාකලාපය තුළින්ම ඔවුන් පෙන්වා හමාරයි.

උද්ඝෝෂණ සිදු කිරීමට ඉඩ කඩා ලබා නොදෙමින් වත්මන් රජය කටයුතු කරන්නේ රටේ සිටින්නේ අන්ධ ගොළු බිහිරන් සිටනවාදැයි සිතා දැයි අපට ගැටළුවක් පවතී.

භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී සිදුවී ඇති මහා පරිමාණ චංවාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්‍රන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් අද (18) කොළඹදී උද්ඝෝෂණයක් කලා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා කියා සිටියේ ,එම ස්ථානයේ උද්ඝෝෂණයක් සිදු නොකරන ලෙසට පොලිසිය දැනුම් දුන් බවයි.

මහ බැංකුව මූලස්ථානය ඉදිරිපිටදී මෙම පිරිස උද්ඝෝෂණය සිදු කල අතර එය අධිආරක්ෂිත කලාපයක් වන නිසා එම ස්ථානයේ උද්ඝෝෂණ සිදු නොකරන ලෙසට එහිදී පොලිසිය දැනුම්දී තිබෙනවා.

එහිදී විපක්ෂනායකවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂයේ පිරිස් අත්අඩංගුවට ගැනීම සිදු කලත් ,කදුළු ගෑස් ගැහුවත් මෙම උද්ඝෝෂණය නතර නොකරන බවයි.යාපනයේ අධිආරක්ෂිත කලාප ඉවත් කරන ආණ්ඩුවට කොළඹට අධිආරක්ෂිත කලාප කුමටදැයි විපක්ෂනායකවරයා එහිදී ප්‍රශ්න කලා.

යහපාලනය පවතී නම් රට තුළ සාමය ස්ථාපිත කර ඇත්නම් යහපාලනය කුමකටද යන්න විපක්ෂනායකරයා වැඩිදුරටත් ප්‍රශ්න කලා.





No comments:

Post a Comment

Post Bottom Ad