මහින්දට හොද ඉල්ලුමක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

මහින්දට හොද ඉල්ලුමක්!

දේශපාලන ඉතිහාසය තුළදී කිසිදු දිනක සිදු නොවූ ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රි ලංකාවාසි ජනතාවගෙන් පැසසුම් ලැබෙමින් පවතී.

මෙරට පරාජයට පත්වූ කිසිදු ජනනායකයෙකුගේ සුව දුක් විමසීම සදහා ජනතාවගේ මුදල් වියදම් කරමින් ජනතාව ගියේ නොමැත.

නමුත් මහින්ද රජපක්ෂගේ සුව දුක් විමසීම සදහා දිනෙන් දින ඔහුගේ නිවස වෙත ගලා යන ජනතාව දිහා අවධානය යොමු කිරීමේදී තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ තම පාලන කාලය තුළ බලයට වඩා මිනිසුන් හම්බ කර ඇති බව නොවේද ?

මෙරට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරණායක ,රනිල් වික්‍රමසිංහ පරාජයවූ පසු ඔවුන් බැලීම සදහා ජනතාව නොගියේ ඔවුන් හදවතට කතා කල හැකි නායකයින් නොවන නිසා බව ඕනෑම කෙනෙකුට එය පිළිබද අවධානය යොමු කිරීමේදී පෙනී යයි.

නමුත් මේවා ඉවසා දරා ගැනීමට නොහැකිව ඇතැමුන් මඩ පිට මඩ ප්‍රහාර එල්ල කලත් ජනතා හඩ ඒ සියල්ල යටපත් කරන බව සිහියේ තබා ගත යුතුයි.පසුගිය 17 වන දිනයේදී මහින්ද රාජපක්ෂ අභයාරාම විහාරස්ථානයේදී බස්‌නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ හා කළුතර දිස්‌ත්‍රික්‌කවල සන්ධානයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් හමුවූ අතර ඊට දිස්‌ත්‍රික්‌ක තුනේ සන්ධානයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයන් 528 දෙනාගෙන් 409 දෙනෙක්‌ සහභාගි විය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එම පළාත් පාලන ආයතන නියෝජිතයන් 223 දෙනාගෙන් 173 දෙනකුත් කළුතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන 152 දෙදෙනාගෙන් 141 දෙනෙක්‌ද කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන 137 දෙනාගෙන් 97 දෙනෙක්‌ පැමිණි තිබීම එහිදී සුවිශේෂි වූවා.ඉතිහාසයේ කිසිදු දිනක හිටපු නායකයෙකු වෙනුවෙන් මේ තරම් ශක්තිමත් බැමි බැදුණේ නැත.

තවමත් මහින්ද රාජපක්ෂව බැහැ දකින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මුවින් පිටවන්නේ ජාතියේ සැබෑ නායකයා මහින්ද රාජපක්ෂ බවයි.එය තහවුරු කිරීම සදහා අප තුළ ඔබ හට ලබාදිය හැකි සරලම සාක්ෂියක් පවතී.

ඒ අප මහින්ද රාජපක්ෂ හා බැදෙන පුවත් අප වෙබ් අඩවියේ පල කිරීමෙන් අනතුරුව ෆේස් බුක් හරහා අප වෙත ලැබෙන ප්‍රතිචාරයි.ඒ හැම කෙනෙකුගේම බලාපොරොත්තුව නැවත මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන් මග බව තහවුරු කර අවසන්.




No comments:

Post a Comment

Post Bottom Ad