යුක්රේන හමුදාව විසින් භාවිතා කරන SU-25 ප‍්‍රහාරක යානයක් විසින් මැලේසියානු ගුවන්සේවයට අයත් MH17 බෝයිං වර්ගයේ මගී ගුවන් යානයක් බිම හෙළීම සිදුවිය නොහැක්කක් බව SU-25 යානයේ ප‍්‍රධාන සැලසුම් ශිල්පියා වන ව්ලැදිමීර් බබැක් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ SU-25 ට කිලෝමීටර් 3000-4000ක් පමණ උසකදී පහසුවෙන් පහරදීමට හැකිවුවත් බෝයිං යානයක් ගමන් කරන කිලෝමීටර් 10500 වැනි උසකදී එවැනි ප‍්‍රහාරයක් දියත් කිරීමට හැකියාවක් නොමැති බවයි.
නැගෙනහිර යුක්රේනයට කඩා වැටුණු යානයේ සුන්බුන් පරීක්‍ෂා කළ කණ්ඩායම් විසින් එය අධි බල වස්තු විශාල ප‍්‍රමාණයක් හේතුවෙන් යානයේ ව්‍යූහයට සිදුවූ හානිය මත පුපුරායන්නට ඇතැයි පැවසූ අතර ඒ කවරෙකු විසින් කුමන අවියකින්ද යන්න පැහැදිලි කර නොමැත.
රුසියාව හෝ නැගෙනහිර යුක්රේන මිලිෂියාවන් විසින් පොළවේ සිට පහරදෙන මිසයිලයක් මගින් යානය විනාශ කරන්නට ඇතැයි බටහිර චෝදනා එල්ලවූ අතර එය ප‍්‍රතික්‍ෂේප කළ රුසියාව අදාළ මොහොතේදී යුක්රේන SU-25 ජෙට් යානා බෝයිං යානය අසලට පැමිණි බවට සාක්‍ෂි ඉදිරිපත් කරනු ලැබිණි.
කෙසේවෙතත් SU-25 නිර්මාණ ශිල්පියාගේ ප‍්‍රකාශය විසින් රුසියාවේ අදහස ප‍්‍රතික්‍ෂේප කරන ලද නමුත් හිටපු ප‍්‍රහාරක යානා නියමුවන් සහ විශේෂඥයින් පවසා ඇත්තේ යානයට කිලෝමීටර් 40000ක සීමාවට පවා ළගාවිය හැකි බවයි. පොළොවේ සිට නිකුත් කළ මිසයිලයක් කිසිවකුගේ දෑසට නොපෙනී යාමට ඉඩක් නැති බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
Thursday, March 19, 2015
SU-25 යානයකට බෝයිං යානයක් බිම හෙළිය හැකිද?
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment