මහ බැංකු අධිපතිට එල්ල වන චෝදනා බොරු.. සෙවිය යුත්තේ පැරදී ගෙදර ගිය අය ගැනයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

මහ බැංකු අධිපතිට එල්ල වන චෝදනා බොරු.. සෙවිය යුත්තේ පැරදී ගෙදර ගිය අය ගැනයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් සොයා බැලිය යුත්තේ බැදුම්කර ගැන නොව ජනතාව ගෙදර යැවූ සමහරුන් ගැන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ බව දැක්වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට එල්ල වන චෝදනා සම්බන්දයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප‍්‍රකාශයේය.

එම සම්පූර්ණ ප‍්‍රකාශය මෙසේය.
 ඉහළම ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව, ජනතාවට වැදගත්වන්නා වූ කරුණු පිළිබඳ දැනුවත් විය යුතු බව මම තරයේ විශ්වාස කරනවා. මෙහිදී මූල්‍ය වැදගත්කමක් සහිත කරුණු විශේෂයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව ‘රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුයි.
නමුත් පසුගිය කාල වකවානුවේ මෙවැනි කරුණු පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් නොකළ බව මේ සභාවේ ගරු මන්ත්‍රිවරුන් දන්නවා. එදා අප මතුකළ කිසිදු ප්‍රශ්නයකට නිසි පිළිතුරු ලැබුණේ නෑ. සිදුවුණු හා සිදුවෙමින් පවතින අක්‍රමිකතා පිළිබඳ අප මේ සභාවේ කරුණු හෙළිදරව් කළා.
එවක රජයේ ප්‍රතිචාර වුණේ අපට අවමන් සහ අපහාස කිරීම පමණයි. බැඳුම්කර නිකුතුව පිළිබඳ මා කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් මෙතෙක් නොකළේ පවත්නා ගැටලු පිළිබඳ අඳ, ගොළු, බිහිරි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නොවෙයි. 
ඒ නිසා මාගේ නිහඬත්වය වරදවා වටහා ගන්න එපා. මට අවශ්‍ය වුණේ ඒ පිළිබඳ මගේ පළමු ප්‍රකාශය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමටයි. මුලින්ම සිද්ධියට අදාළ පසුබිම පිළිබඳ කරුණු මම ඉදිරිපත් කරන්නම්. 
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මහාමාර්ග අමාත්‍යංශය විසින් කිසිඳු මුදල් වෙන් කිරීමකින් තොරව රුපියල් බිලියන සියය ඉක්මවන කොන්ත්‍රාත්වලට අත්සන් කර තිබුණා. මේ හා සම්බන්ධ ගෙවීම් කටයුතු සිදුකිරීමට කඩිනමින් අරමුදල් අවශ්‍ය වුණා. 
මුදල් අධිපති සහ නියෝජ්‍ය මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් පෙබරවාරි 26 වැනිදා රැස්වී මේ ගැන සාකච්ඡා කළා. රුපියල් බිලියන 15ක් කඩිනමින් අවශ්‍ය බව එහිදී ඔවුන් තීරණය කළා. ඒ වන විටත්, රුපියල් බිලියන එකක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමෙ වෙනුවෙන් මහ බැංකුව දැන්වීම් පළ කර තිබුණා. 
I insisted on a public auction because private placements have led to corruption and lack of transparency. Previously, parcels of Government bonds were handed out to selected individuals on a favored basis through a system of private placement. It took place outside the normal auctions of Government bonds. 
Private Placements were usually as large as ten times bigger than the amount of Government bonds sold through the auctions. This led to an unhealthy link between some of the officers of the central corporations who benefited from such private placements. This practice only enriched a handful of cronies of the previous Government. 
Records confirm that private placements had become a norm rather than an exception. In just one instance in 2013, Rs. 16 billion worth of 5 year bonds were sold through auction at a yield of 10.9% and thereafter Rs. 76 billion of the same bond were sold through private placements at a HIGHER yield of 11.42%. Who stood to benefit from such acts? The answer is obvious.
As a result of such anti-competitive practices the primary dealers had lost sight of their principal role in making for a transparent, liquid and competitive bond market. They were asking the central Bank to dictate to them at what interest rate they should bid at the bond auctions. 
Such a practice has never been a norm and is unheard of in transparent auctions anywhere in the world. At this particular auction, where ill informed and intentioned criticism has been leveled, there were 36 bids from various primary dealers amounting to just over Rs. 20 Billion. 
මේ නිසා අපි මිල ගණන් කැඳවූයේ ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමවේදය අනුවයි. රුපියල් බිලියන 20කට අධික භාණ්ඩාගාර බිල්පත් සඳහා මිල ගණන් ඉදිරිපත් කර අනතුරුව රුපියල් බිලියන 10ක් දක්වාමිල ගණන් තෝරා ගන්නා ලෙස ඔහු ප්‍රසිද්ධ ණය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් මණ්ඩලයට උපදෙස් දුන්නා. 
ඔහු ඒ උපදෙස් ලබා දුන්නේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු ඉදිරියේදීයි. මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතුවලට මැදිහත් වූවා යන චෝදනාව පදනමෙන් තොරයි. ඉන්පසුව ටෙන්ඩර් මණ්ඩලය ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා. ඒ නිර්දේශ කිසිඳු වෙනස්කමකින් තොරව මහබැංකු අධිපතිවරයා අනුමත කළා. 
These monies that were raised were paid to the Treasury to fund the divisional level Development Projects that was the subject of discussion in the House recently. Subsequent to this bond issue allegation of insider trading were made. The name of the Governor was mentioned in these allegations and aspersions cast. 
ඒ නිසා අවුරුදු 30ක බැඳුම්කර නිකුත් කිරීමේ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පෙබරවාරි 27 වැනිදා ම විසින් පත්කළා. එහි සභාපති ගාමිණී පිටිපන මහතායි. ඔහු නීතිඥ සංගමයේ නීතිඥවරයකු වශයෙන් අවුරුදු 27ක පළපුරුද්දක් ඇති කෙනෙක්. 
විදේශීය හවුල්කාරත්වයක් සහිත සමාගම් ගණනාවක පරිපාලනයට සම්බන්ධ වූ කෙනෙක්. එහි සාමාජික මහේෂ් කලුගම්පිටිය මහතා අපරාධ නීතිය පිළබඳ නීතිඥවරයකු වශයෙන් අවුරුදු 23ක සේවා පළපුරුද්දක් සහිත ප්‍රවීණයෙක්.
තුන්වැනි සාමාජික චන්දිමාල් මෙන්ඩිස් මහතා නීතිඥ සංගමයේ නීතිඥවරයකු වශයෙන් අවුරුදු 18ක පළපුරුද්දක් ඇති කෙනෙක්. 
පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීම් කටයුතු සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය කේ. එම්. චොක්සි මහතාට සහාය වුණු නීතිඥයෙක්. මෙම සෑම පුද්ගලයකුම වසර ගණනාවක පළපුරුද්දක් සහිත ප්‍රවීණයන් වන අතර ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විමසා බලන්නට පුළුවන්. 
මෙම නීතිඥවරුන් එකිනෙකා අතර කුළුපඟ සබඳතාවක් නොමැති අයයි. එසේම තම ප්‍රතිපත්ති සුරකින පුද්ගලයන් වශයෙන් ප්‍රකට අයයි. ඒ නිසාම ඔවුන් මහජන පිළිගැනීමට ලක්වූ පුද්ගලයන්. මේ වන විටත් එම කමිටුව රැස්වී පරීක්ෂණ කටයුතු ආරම්භ කර තියෙනවා. 
ඔවුන් පදනම් විරහිත විවේචනයන්ට ලක්වීම පිළිබඳ මම දැඩි සේ කනගාටු වෙනවා. මෙම විවේචකයන්ගේ අරමුණ වී ඇත්තේ රජය අපහසුතාවට පත්කිරීම බව ඉතා පැහැදිලියි. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන් කියමින් චෝදනාවක්ද නැඟෙනවා. 
පසුගිය කාලයේ නීතිඥවරුන් බොහෝ දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වුණා. මොවුන් එක්සත් ජාතික පක්ෂ නීතිඥවරුන් යැයි චෝදනා කරන එක් පුද්ගලයෙක් වන්නේ ශිරාල් ලක්තිලකයි. ඔහු රජයේ වගකිවයුතු තනතුරක් දරමින්, රජයට එරෙහිවමෙවැනි අපවාද නැඟීම නිසා, ඔවුන්ගේ විවේචන පිටුපස ඇති අරමුණ පිළිබඳ අපට සැක සංකා මතුවෙනවා. 
රුපියල් මිලියන පහක්වටිනා පොදු දේපොළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් මෑතකාලයේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේ ඔය කියන ශාරාල් ලක්තිලක මහතාමයි. මෙම ව්‍යාපාරයට එක්ව සිටින සුසිල් කිඳෙල්පිටිය මහතා, කාන්තාවකට රිවෝල්වරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ සිටි අයෙක්. 
පසුව එම කාන්තාව විසින්ම තමන් නැඟූ චෝදනා ඉවත් කරගත්තා. මේ නිසා අප පත්කළ කමිටුවේ සාමාජිකයන්ට චෝදනා පුද්ගලයන්ගේ අවංකභාවය පිළිබඳ ගැටලු මතුවෙනවා.
ගරු කතානායකතුමනි, 
සිදුකරගෙන යන පරීක්ෂණ මේ බැඳුම්කර නිකුතුවට පමණක් සීමාවන්නේ නැහැ. 2012 වසරේ සිට මේ දක්වා සිදුවූ පොදු වෙන්දේසි කිරීම්, පෞද්ගලික අයැදුම්කරුවන්ට බැඳුම්කර නිකුත් කිරීම් ඇතුළු සියලුම ගනුදෙනුත් මීට ඇතුළත්. අවශ්‍ය යැයි හැඟෙනවා නම් මේ පිළිබඳ වෙනත් ප්‍රවීණයන්ගෙන්ද කරුණු විමසීමට කමිටුවට හැකියාව තිබෙනවා. 
මීට කලින් මේ ක්‍රියාදාමයන් සිදුවුණේ අයහපත් ක්‍රමවේදයන් ඔස්සේ නිසා බොහෝ විස්මයජනක කරුණු මේ පරීක්ෂණයේදී හෙළිදරව් වෙතැයි මම විශ්වාස කරනවා. පසුගිය සඳුදා සිට අර්ජු මහේන්ද්‍රන් මහතා නිවාඩු ලබා තිබෙන අතර මේ පරීක්ෂණ කටයුතු අවසන්වන තෙක් ඔහු තම රාජකාරි කටයුතුවලින් වැළකී සිටින බවද මට දන්වා තිබෙනවා. 
මේ නිසා සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ පසුබිම ඔහු සලසා දී තිබෙනවා. මෙම තනතුර මීට පෙරදැරූ පුද්ගලයන් ක්‍රියා කළ ආකාරයට වඩා මෙය හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කළ යුතුම ලියකියැවිලි වේ නම් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට කලින් මම නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. 
ගරු කතානායකතුමනි,
රජයටඑරෙහි චෝදනාවක් නැඟුණු අවස්ථාවක, ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමත්, ඒ ගැන සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමත්, එතැනින් නොනැවතී, ඒ පිළිබඳ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමත් මෑත ඉතිහාසයේ මේ සිදුවන්නේ පළමු වතාවටයි. 
පසුගිය දස වසරක පමණ කාලයක් තුළදී, මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ මෙවැනි අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවන් පිළිබඳ සොයාබැලීම සූක්ෂ්ම අයුරින් නවතා දමා තිබුණා. ඒ අවස්ථාවල සමහරු කටයුතු කළේ ඇස්, කන් නැති අය වගෙයි. ඇත්තෙන්ම සිදුකළ යුත්තේ මේ රජය ගෙන යන යහපාලන ක්‍රියාදාමය ප්‍රශංසාවට ලක්කිරීමයි. නමුත් ඒ කාලයේ නොදරුවන් මෙන් කතා නැතුව සිටි අය අද වීරයන් මෙන් රජයට පහර ගසන්න ඉදිරිපත් වී සිටිනවා. 
There are a number of allegations of violations of the Colombo Stock Exchange market rules and Securities and Exchange Commission regulations. The minor ones were compounded. 13 large cases were abandoned purportedly on the lack of evidence. They were not investigated or were settled when it should have been probed further. 
I would like this to be recorded in the Hansard. I have requested the Securities and Exchange Commission to go into these cases. If necessary, I will bring legislation to permit such inquiry. I am also seeking for the appointment of a Parliamentary Select Committee to inquire into these transactions. Since some of the issues raises are under consideration by the committee, I prefer to give an answer elaborate after the report is submitted. We plan to table this report in Parliament. 
එවිට මේ සභාවේ ඔබ සැමට ඒ පිළිබඳ විමර්ෂනය කරන්නට, නිදහසේ අදහස් පළ කරන්නට අවකාශ ලැබෙනවා.
ව්‍යාපාරික ප්‍රජාවට යහපත් වන, නිදහස් හා සාධාරණ වාතාවරණයක් අප විසින් නිර්මාණය කර තිබෙනවා. ඔවුන්ට දැන් බියෙන් තැතිගැනීමට අවශ්‍යතාවක් නැහැ. 
මෙය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයටත් පොදුයි. තර්ජනය කිරීම්, තැතිගැන්වීම් හෝ සුදු වෑන්වලින් යන්න ඔවුන්ට අවශ්‍ය වන්නේ නැහැ. පසුගිය කාලයේ ඔවුන්ට සමහර ක්ෂේත්‍ර ගැන කතා කිරීම තබා ඒ ක්ෂේත්‍ර දිහා බලන්නවත් තහංචි දමා තිබුණා. 
Take the name of Nimal Perera at Pan Asia Ranee Jayamaha of Hatton National Bank. Who ate they and how did they benefit from certain political personalities of the previous administration? How can Mr. Perera held a Bank given the large number of surveillance referrals made to the Colombo Stock Exchange? 
The National Savings Bank purchased 13 per cent of the Finance company at fifty rupees per share. That is twenty rupees above market value. The mastermind behind this was Ajith Devasurendera and Dinal Wijemanne. Today, the finance company has recorded accumulated net loses of Rs. 16 billion. 
ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය හා සම්බන්ධ සියලුම ආචාර ධර්මවලට එරෙහිව යමින් නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ එවක කළමනාකාරිත්වය විසින් හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පෞද්ගලික බැංකු වාර්තා බලහත්කාරයෙන් නිකුත් කළා. 
බැංකු ක්ෂේත්‍රයේ නියැළී සිටින අය මේ පිළිබඳ සොයාබැලීම වටිනවා. මේවා කැසිනෝවත්, සූදු පොළවල්වත් නෙවෙයි. ඒවාට අදාළ වූ පිළිගත් සම්ප්‍රදායන් හා සම්මුතීන් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන් පිළිබඳවත් සොයා බැලීම සිදුවිය යුතු යැයි මා සිතනවා. 
Take for example Dilith Jayaweera. His roles in the Colombo land and Development Company and the reef comber have to be probed by the authorities. Another such instance is Scott Newman and Kosala Heengama. 
Similar their role in environment resources investments require very close scrutiny. Take the case of john keels – the Government’s decision to cancel the casino licenses has resulted in shareholders dumping their shares. This is the only way to show their protest against questionable choices by the management. 
Sri Lankan Airlines. The cabinet approved by decision 11/1459/009 of 4 August 2011 the investment of 520 million US Dollars of equity in to Sri Lankan airlines and Mihin Lanka over a five year period. 
US Dollars 230 million was required for re-fleeting. The other requirements being – Repayment of bank overdrafts/loans- US dollars 52 million – repayment of outstanding creditors – CPC US Dollars 28 million and others US Dollars 15 million – Funding of working capital (maintain adequate cash reserves) US Dollars 94 million investment in infrastructure/fixed assets – US Dollars 81 million (includes investment required in Mattala and Ratmalana airports to provide ground handling service) Mihin Lanka: Re-fleeting – US Dollars 10 million – Funding of working capital (maintain adequate cash reserves – US Dollars 5.5 Million) – Repayment of previous outstanding creditors US dollars 4.5 million The airline has received a total of 375 million US Dollars. Out of this, 50 million Dollars was spent for re-fleeting and the balance was utilized to cover the losses. As a result, A Sri Lankan airline does not own a single aircraft. 
කැබිනට් මණ්ඩලය විසින් ගන්නා තීරණය එහිදී අනුගමනය කර නොමැති බවඉතා පැහැදිලියි. ඒ වගේම එසේ නොකළ බවයළි කැබිනට් මණ්ඩලයට දැනුම් දී නැහැ. මේ මුදල් ඒවා වෙන් කළ කාරණා වෙනුවෙන් යොදාගෙන නැහැ. 
ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක ගුවන් යානයකවත් අයිතිය නැහැ. ලංකා බැංකුවෙන් ලබාගත් ණය පියවීම සඳහා ශ්‍රී ලංකන් ගුවන්සමාගමටතවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් අවශ්‍යයයි. 
අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පසු ගිය දා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් භාර දී තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙනුත් එසේ කිරීමට ඔබ සූදානම් ද කියලා ඒ මන්ත්‍රීවරුන්ගෙන් අහන්න මම කැමතියි. 
රටේ සංවර්ඛනය වෙනුවෙන් සැබවින්ම වියදම් කළ මුදල් ප්‍රමාණය වගේම දූෂිතයන්ගේ සාක්කු තර වූ ආකාරයත්, හෙමින් නමුත් ලඟදීම අපි අනාවරණය කරන බව මම ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ අය ජනතාවගේ මුදල් නිකරුනේ නාස්ති කළ ආකාරය ලඟදීම මේ රටේ ජනතාවට දැන ගන්නට ලැබේවි. 
සමෘද්ධිය පිළිබඳ වෙනස් චිත්‍රයක් මවා පෙන්වීමට උත්සාහ කළාට සැබවින්ම තිබුණේ ඊට ප්‍රතිවිරුද්ධ ඛේදජනක තත්ත්වයක්. විවිධ බො‍රු ව්‍යාපෘති ඔස්සේ, වර්ධනය හා ලැබීම් පිළිබඳ ව්‍යාජ ප්‍රචාර සමාජගත කර තමන් ආර්ථික විශේෂඥයන් යැයි කියා ගත් පිරිසකගේ පාලනය යටතේ මහ බැංකුව පසුගිය වසර 3 දී මහා පරිමානයෙන් පාඩු ලබා තිබෙනවා. 
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා කළ එවැනි සංදර්ශන වෙනුවෙන් කැබිනට් අනුමැතියකින් තොරව ඩොලර් මිලියන ගණන් මේ අය පසුගිය කාලායේ වියදම් කරලා තියෙනවා. එම සමාගම්වල රියදුරන්ට පවා ඒ වෙනුවෙන් ඉහල ගෙවීම් කර තියෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ දූත සේවාව දේශපාලන හිතවතුන්ගෙන් හා පැවති රජයේ ඥාතීන්ගෙන් පිරී තිබූ පසුබිමකදීයි. 
සැබැවින්ම අපේ තානාපති කාර්යාල වලිනි සිදු වූයේ රටේ ප්‍රවර්ධනය කිරීම වෙනුවට ඒවායේ සේවය කළ අය පිම්බීම පමණයි. අති විශාල මුදල් ප්‍රමාණයක් නිරපරාදේ නාස්ති වුණා. 
මහ බැංකුව මේ සියල්ල වංචනික ලෙස මෙහෙය වූ බවටත්, ආර්ථික දත්ත වෙනස් කළ බවටත් විශ්වාසනීය චෝචනා මෙහිදී මතු වුණා. එය එක අතකින් ‍රටේ ආර්ථිකයට හානි කිරීමක්. අනෙක් අතින් තම පුද්ගලික අරමුණු සඳහා බදු ගෙවන ජනතාවගේ මුදල් කොල්ල කෑමක්. මේ ‍වංචනිකයන් නීති‍ය ඉදිරියට පමුණුවන්න අප කිසිසේත්ම පසුබට වන්නේ නෑ. 
As a result of past misdeeds, the Central Bank has now been forced to embark on the task of re-building their credibility and standing as the country`s most credible financial institution. This is no easy task, since the spin masters have turned the institution into a wasteland. They left behind a legacy of mismanagement and misrule. 
They have been adopting a system of private placements of bonds. Their criteria they adopted allowed the Central Bank to cut deals with Primary Dealers. Rebuilding international confidence and credibility has become an uphill task. Who are the people who are responsible for this mess? We have may be a half a Trillion to a Trillion Rupees worth of commitments made on highway projects. 
රජය සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ විශ්වාසය බිඳවැටී ඇති බව සමහර මාධ්‍ය වාර්තා කරනවා. නමුත් සැබැවින්ම සිදුව තිබෙන්නේ පෞද්ගලික අංශය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී තිබීමයි. 
මටත් ඒ ගැන තියෙන්නේ එහෙම අදහසක්. නූතන පාරදෘෂ්‍ය පද්ධති සමඟ අනුගත වෙනවාද, නොඑසේ නම් ඉන් බැහැර වෙනවාද යන්න තීරණය කිරීමට පෞද්ගලික අංශයට අද කාලය එළඹ තියෙනවා. මම ලඟදීම ඒ අයව කැඳවනවා. 
The Associate Editor of Daily Mirror called on Arjuna Mahendran to resign. I have a problem with this. Long ago, Kesara Abeywardena ran an article asking me to resign as the Leader of the UNP – I did not take his advice. Kesara Abeywardena is a friend of Shiral Lakthilaka and he is a lackey of the Rajapaksa regime who is guilty of covering up blatant attacks on medial freedom. 
That such persons of questionable integrity are preaching morals to us is not only reprehensible but also abhorrent. His colleagues are calling on him to “go in the name of god-go”. If he resigns, Arujuna Mahendran may resign.
Hasn’t the media been irresponsible? The Sunday Leader owner Asanga Seneviratne runs a business that has made losses from the inception. 
How is it that he has so much money to pour in the business of crating public opinion? From where are the funds? These are all those who benefited from the Rajapaksa`s. I am sure members of this house are aware that one electronics media outlet has made me a target. Hardly a day passes without a campaign of misinformation and character assassination. 
All because I am not prepared to dance to the tune of the owner and meet all his demands. I must confess that I am emboldened by what they are doing. It has given me courage and strengthens my resolve to expose their sinister motives. There is also an ugly side to it. Innocent people are being misled but such nmbers are dwindling. Their performance have ruined their credibility and lost them the trust of the public. 
One reason for this is that Indian Companies are looking at Palk Strait and exploring for natural gas. There is a company with strong links to the media that was trying to partner with one of these Indian Oil exploration companies.  
However the only credible partner for the Indians in Sri Lanka is the Ceylon Petroleum Corporation. I will not allow collaboration with any other Sri Lankan Company. 
පෞද්ගලික අංශයේ, බැංකු ක්ෂේත්‍රයේ සහ කොටස් වෙළෙඳපොලේ තිබෙන අක්‍රමිකතා ඉවත් ‍කිරීමට මම කැපවී සිටිනවා. මේ මහජනයාගේ යුගයයි. මම ඇහුම්කන් දෙන්නේ මහජනතාවටයි. මහාරාජාලාට නොවෙයි. 
Anyone who has watched Citizen Kane will see how press baron William Randolph Hearst suffered as a result of his self-delusion. If you haven`t watched this, I recommend you do. 
I also want to state that there is an imperative need in Sri Lanka for an Independent Broadcasting Authority. This is like the one existent in the United Kingdom to ensure ethical and fair conduct. 
Some institutions at present have become tools in the hands of their owners who have to protect not only their business empires but also more importantly their secrets and sinister ambitions. 
It is only after we assumed office that the Central Bank adopted a more prudent system of calling for competitive bids. As a result the Government is able to raise funds at the most competitive rates. 
This would ensure that the government is able to raise money at the most competitive rates. The way the bond markets behave and how the secondary market works can be complicated and not many would understand the complex nature of transactions. 
Bust we can compare the latest 30 year bond issued under this government and the ones that were issued under the previous one. The 30 year bond of June 2014 was issued at an average interest rate of 11.75 percent. The latest bond was sold at 11.73, slightly lower than the rate paid last year. 
This means we were able to raise just over 10 billion rupees at a rate cheaper than what the previous government paid. Furthermore, there are several previous instance of the Central Bank accepting much higher volumes of bids than what were advertised. On 14 February 2014, Rs. 1 billion worth of treasury Bills were offered and over Rs. 11billion were eventually sold. On 14 November of the same year Rs. 2 billion were offered and over Rs. 13.5 billion were sold. 
What our government and the Central Bank have done is to raise money for the Government at the best possible rate through a competitive bidding process instead of using private placements. The House would agree that it is not a healthy practice to allow private placements when we could get better terms by opening up to a competitive environment.
By resorting to a traditional transparent auction of government bonds, the Central Bank has already made significant progress in raising funds for the Governments. Just last week a records Rs. 100 billion was raised in 4 auctions to repay Rs. 79 billion of bonds coming due this week and to keep funding government projects. 
The most important aspect of the entire issue is the transparent manner in which we responded to the criticism directed at us from various quarters. We never stifled and voice of criticism. The media, the civil society, political parties were given total freedom to voice their opinion on the bond issue. There were no white-vans at the doorsteps of those who criticized the government on this matter. Secret units did not tap their telephones. 
No one received threatening phone calls after voicing their opinion on the bond issue at public forums-like they did in the past, under the watch of the Rajapaksa regime. The people, the legislature, the civil society and the media were either hoodwinked or intimated when it came to problems involving public money. 
That is the main difference of the present government. It acts in a responsible manner and is accountable to the public as well as to the Parliament. When I raised a question about the Colombo Port City issue in Parliament, the previous government said “document” of the deal should be brought to Parliament in Lorries. 
That was the manner in which they responded to allegations leveled by the oppositions. Two Director Generals of the Securities and Exchanges Commission were forced to resign when they tried to investigate allegations of corruptions. 
Journalists were not even allowed to write about the circumstances under which the Director Generals of the SEC had to leave their positions. We have acted in a totally different manner, demonstrating that we are a government that is accountable to Parliament. 
එම අඳුරු යුගය අවසන් කිරීමට ජනතාවට වුවමනා වෙලා තියෙනවා. පසුගිය මාස දෙක පුරාවට අපි ඒ “වෙනස”සිදු කරමින් යන බව පෙන්වා තියෙනවා. 
අපට දැන් තියෙන්නේ බැඳුම්කර ප්‍රශ්නයක නෙවෙයි. ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ සමහර පුද්ගලයින් හා සමබන්ධ ගැටලුවක්. මීට පෙර ඔවුන් ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පැරදවීමට උත්සාහ කළා. 
දැන් ඔවුන් වටා ඉන්න කයිවරුකාරයන් පහත් පෙළේ දේශපාලන වාසි වෙනුවෙන් අපට මඩ ගහන්න උත්සාහ කරනවා. ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයෙන් පසු බලයට පත්වුණ නව රජය විසින් ඇති කළ ප්‍රජාතාන්ත්‍රික වාතාවරණයෙන් ඔවුන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා කියන එක මම මේ වෙලාවේ සඳහන් කළ යුතුයි. 
එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැරදුනා නම් අඩි හයක් පොළව යටට යවන්න බලා සිට අය අද යහපාලනය ගැන උගන්වන්න එනාව. සදාචාරය ගැන පාඩම් කියා දෙන්න එනවා. අපි ඒ අයගේ අරමුණු ගැන හොඳට දන්නවා. 
ඔවුන් මේ මඩ ගහන්නේ පරාජයේ වියරුව නිසයි. ඔවුන් ප්‍රශ්ණ ගැන ක්‍රියා කොට තිබෙන බව අපි පැහැදිලිව ඔප්පු කොට තිබෙනවා. තැන් තැන්වල හැංගි හැංගි මඩ ගහන්නේ නැතිව මහමැතිවරණයකට පැමිණ අප සමග මුහුණට සටනකට එන ලෙස මම ඔවුන්ට අභියෝග කරනවා.
ගරු කතානායකතුමෙනි,
මහජනතාව යහපාලනය වෙනුවෙන් අපිත් සමග එකතු වෙලා ඉන්නවා. යුක්තිය හා සාධාරණත්වය, සෞභාග්‍ය සහ රැකියා අවස්ථාවන් උදා කිරීම වෙනුවෙන් ඔවුන් අපත් සමග සිටිනවා. නිදහස වෙනුවෙන් ඔවුන් අප හා ඒක් වී ඉන්නවා.

අප සියල්ලන් එකතුවී ආරම්භ කළ මේ ගමන ගැන ඔවුන් විශ්වාසය තබා තිබෙනවා. අපි ඒ විශ්වාසය කිසිදා පළුදු කරන්නේ නැහැ. පටන් ගත් මේ අභියෝගාත්මක ගමන අපි සාර්ථක කරගන්නවා. අප ඒ ගමන ඉදිරියටම යනවා.
– FB/ranil.wickremesinghe

No comments:

Post a Comment

Post Bottom Ad