අරලියගහ මන්දිරය ඉදිරිපිට තාප්පයේ සැරසිල්ලක් ලෙස යොදා තිබුණු හතළිස් පන්දහසක් පමණ වන මල්පෝච්චි තොගය අද එම ස්ථානයෙන් ඉවත් කර දැමුණා.
ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙම මල්පැල සැරසිල්ල සකස් කෙරුණේ රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය කරමින්. සාමාන්‍යයෙන් මාසයකට එහි තිබුණු මල්පැල තුන්දහසක් පමණ මියගිය බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.
එ්වා වෙනුවෙන් නව මල්පැල අඩංගු පෝච්චි තැන්පත් කිරීමට සිදු වූ බවත් නඩත්තු හා මාසික ජල බිල වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් එම කාර්යාලය සඳහන් කළා.
පසුගියදා මෙම මල්පැල පරීක්ෂා කළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ මල්පැල බේරා ගැනීම සඳහා පොච්චිවල පස් ඉවත් කර අලූත් පස් යොදවන ලෙසයි.
එවැනි කටයුත්තක් සඳහා තවදුරටත් මහජන මුදල් නාස්ති කළ නොහැකි බැවින් එය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් එ්කනායක මහතා සඳහන් කළා.
Monday, March 2, 2015
අරලියගහ මන්දිරයේ මල්පෝච්චි තාප්පය ඉවත් කරයි (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment