එ් ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයේදී කුමාර් සංගක්කාර පන්දු 86කදී නොදැවී ලකුණු 117ක් රැස් කිරීමත් සමගින්.
එ් අනුව මෙතෙක් දෙවන තැන රැඳී සිටි ඔස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකී පොන්ටින් පසු කළ කුමාර් සංගක්කාර ලොව දෙවන වන්නේ ඉන්දීය කී‍්‍රඩක සචීන් ටෙන්ඩුල්කාර්ට පමණයි.
කුමාර් සංගක්කාර ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගවලදී මේ දක්වා රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 27,546ක්. මේ අතර සංගක්කාර මෙම තරගයේදී රැස් කළ ශතකය ලෝක කුසලාන ඉතිහාසේ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු වාර්තාකළ වේගවත් ශතකය ලෙසද වාර්තා අතරට එක් වුණා.
සංගක්කාර අද තරගයේදි ලකුණු ශතකය වාර්තා කළ පන්දු 70ක් තුළයි. සංගක්කාර අද ලබාගත් ශතකය සමග එංගලන්තයට එරෙහිව වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට ද පත් වුණා.
සංගක්කාර මේ වන එංගලන්තයට එරෙහිව එක්දින ලකුණු 1620ක් රැස් කර තිබෙනවා. ඔහු අද බිඳ දැමුවේ එංගලන්තයට එරෙහිව කොදෙව් දුපත් හි සර් විවියන් රිචර්ඞ්ස් විසින් රැස් කර තිබූ ලකුණු 1619 යි.
එමෙන්ම නවසීලන්තයේදී වැඩිම එක්දින ලකුණු සං්‍යඛ්‍යාවක් රැුස් කළ විදෙස් කී‍්‍රඩකයා ලෙසටද සංගක්කාර අතර වාර්තා පොත් අතරට එක් වුණා.
ඔහු මේ වන විට නවසීලන්තයේදී එක්දින ලකුණු 812ක් රැස් කර සිටිනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක මාර්ක් වෝ. ඔහු නවසීලන්තයේදී ලකුණු 891ක් රැස් කර තිබුණා.
ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන්


No comments:
Post a Comment