හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතා පණිවිඩයක් එක් කර තිබෙනවා. ට්විටර් පණිවුඩ තබමින් ලොව බිහිවු විශිෂ්ඨ ක‍්‍රීඩකයෙකු වන රීකි පොන්ටින් පවසන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය විශිෂ්ඨ බවයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රාහණය තමන්ට පුදුමයක් නොවු බවද ඔහු සඳහන් කර තිබෙනවා. එහෙත් පන්දු යැවීම තවදුරටත් වර්ධනය කර ගත යුතු බව පොන්ටින්ගේ අදහසයි. ජාත්‍යන්තර විස්තර විචාරක රසල්ඞ් ආනල්ඞ් ද ප‍්‍රකාශ කර ඇත්තේ සංගක්කාර සහ තිිරිමාන්නගේ පිතිකරණය විශිෂ්ඨ බවයි.
ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ද ට්විටර් සටහනක් තබමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රාහණයට සුභපැතුම් එක්කර තිබෙනවා. මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් ඇතුලූ කණ්ඩායමේ ක‍්‍රීඩකයින් රැසක් අද ලැබු ජයග‍්‍රාහණය පිළිබඳ සතුට සිය ට්විටර් ගිණුම්වල සටහන් කර තිබෙනවා.


No comments:
Post a Comment